BBC News, සිංහල - ප්‍රධාන පුවත්

ප්‍රධාන පුවත

  • HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි

    'HSBC ප්‍රධාන විධායක නිලධාරී පැවසූ පරිදි' ඉන්ධන බැරලයක් වෙනුවෙන් ශ්‍රී ලංකාව ඩොලර් 286ක් ගෙව්වා ද?

    ඉරානයට එරෙහි ඇමෙරිකා-ඊශ්‍රායල යුද්ධයේ ප්‍රතිඵලයක් ලෙස ආසියාවේ ඉන්ධන බැරලයක් සඳහා ගෙවන ලද මිල අවම වශයෙන් එක් අවස්ථාවකදී ඩොලර් 286ක් දක්වා ඉහළ ගොස් තිබූ බව HSBC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී ජෝර්ජස් එල්හෙඩරි ඉකුත් අඟහරුවාදා හොංකොංහි පැවති ආයෝජන සංසදයකදී පැවසූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

  • වික්ටෝරියා වේල්ල

    මහනුවර ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම මුළුමනින් ම අඩාළ වුණේ ඇයි?

    පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දුමින්ද නාගමුව චෝදනා කළේ, විදුලිය උත්පාදනය සඳහා වික්ටෝරියා ජලාශයේ ජලය අසාමාන්‍ය ආකාරයෙන් නිදහස් කිරීමට ආණ්ඩුව තීරණය කර තිබූ බව ය. ඒ හේතුවෙන් ජල සැපයුම් සබඳතා 17000කට පානීය ජලය සැපයුම ගැටලුවක් වී ඇති බව ද ඔහු සඳහන් කළේ ය.

  • කුමාර ජයකොඩි

    බාල ගල් අඟුරු සිද්ධිය: බලශක්ති ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යංශ ලේකම් ඉල්ලා අස්වෙති

    බාල ගල් අඟුරු ආනයනය කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි සහ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල එම ධූරවලින් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, අද (අප්‍රේල් 17) පස්වරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත ඔවුන් ඉල්ලා අස්වීමේ ලිපි භාර දුන් බව ය.

  • චන්දන කත්‍රීආරච්චි

    චන්දන කත්‍රීආරච්චි යනු කවුද? ඔහු අත්අඩංගුවට ගත්තේ ඇයි?

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු හා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වූ චන්දන කත්‍රීආරච්චි, කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබී ය. පොලිසිය ප්‍රකාශ කළේ, අවි ආයුධ තොගයක් සමග ඔහු අත්අඩංගුවට ගත් බව ය. ජීව අත්බෝම්බයක්, ටී - 56 වර්ගයේ මැගසින් දෙකක්, ටී - 56 ජීව පතරොම් 221ක්, 0.22 වර්ගයේ පතරොම් 103, 84S වර්ගයේ ජීව පතරොම් 31ක් සහ බෝර 12 වර්ගයේ ගිනි අවියක් සමග ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ, අප්‍රේල් 16 වන දා ය.

  • සකිබ් හුසේන්

    සකිබ් හුසේන්: සිය පළමු IPL තරගයේදී ම සම්මාන දිනූ 'සපත්තු නැතිව හඬා වැටුණු' 'ගෝපාල්ගන්ජ් රබාඩා'

    "සපත්තුවල ගාණ වැඩියි. බෝල් කරන්න දාන ස්පයික්ස් සපත්තු ජෝඩුවක් රු. 10,000ක් 15,000ක් විතර වෙනවා. සපත්තු දෙකක් ගන්න ඒ වගේ මුදලක් වියදම් කළා ම අපි කන්නේ මොනවා ද?" මීට කාලයකට ඉහතදී සකිබ් හුසේන් නම් වූ ක්‍රීඩකයා වීඩියෝ සම්මුඛ සාකච්ජාවකදී පැවසූ දේ මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වෙමින් තිබේ. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමට එරෙහිව පසුගිය අප්‍රේල් 13 වන දා පළමු වරට IPL තරගයකට ක්‍රීඩා කළ සකිබ් හුසේන්, එහිදී ලකුණු 24කට කඩුලු 04ක් දවා ගත් අතර මෙවර ඉන්දීය ප්‍රීමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේදී වැඩි අවධානයක් යොමුවී ඇති ක්‍රීඩකයින් අතර පෙරමුණේ පසු වෙයි.

කෙටි වීඩියෝ

  • ට්‍රම්ප්ගේ වාග් ප්‍රහාර වලට පාප් වහන්සේ ප්‍රතිචාර දක්වයි
  • ට්‍රම්ප් තමන්ව ජේසුස් වහන්සේ ලෙස නිරූපණය කළ පොස්ටුව
  • ගඟක පුද්ගලයින් හතර දෙනෙකු පිහිනන අතර කහ සහ රතු පති ටයර් දෙකක් පෙනේ.
  • සත්වෝද්‍යානයෙන් පැනගිය වෘකයෙකු සොයා දැවැන්ත මෙහෙයුමක්
  • හිසෙහි මල් ගසා, මුහුණේ කළු පාට ඉරි ඇඳගත් දැරියක් මෙහි සිටී.
  • මීටර් 9ක් ගැඹුරු ළිඳකට වැටී සිටි සිංහයෙකු බේරාගත් අයුරු
  • නිල් පැහැති සාරියක් ඇඳ සිටින තරුණියක් සිනහ මුසු මුහුණින් ඔන්චිලාවක සිටින අතර එහි ලනු මල් වලින් සරසා තිබේ.
  • දහස් ගණනක පිරිසක් මක්කමට රැස්වී සිටින ආකාරය පෙනේ.
  • පෘථිවියේ සිට කිලෝමීටර් 33ක් ඉහළදී මුදා හළ, සිල්ක් රෙද්දකින් ආවරණය කළ ශරීර ආකෘතියක්
  • ඉන්ෆ්ලුවෙන්සර් රෝබෝ යන්ත්‍රයක් වෝර්සෝ නගරයේ වල් ඌරන් එළවන අයුරු
  • වවුනියාවේ සංගීත සංදර්ශනයක් අතර පොලිසිය විසින් පුද්ගලයෙකුට පහරදෙන අයුරු දැක්වෙන වීඩියෝවක්
  • කට ඇරගෙන සිටින දුඹුරු පැහැති බල්ලෙකු සිටී.

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

ජනප්‍රිය ලිපි