පැබ්ලෝ එස්කොබාර්: 'කොකේන් හිපපොටේමස්ලා' මරා දැමීමට කොලොම්බියාවට අවශ්‍ය වී ඇත්තේ ඇයි?

Two "cocaine hippos" are pictured in the wild, in a lake near the Hacienda Napoles theme park, once the private zoo of drug lord Pablo Escobar, in Doradal, Colombia, on 19 April 2023. They both have their mouth open and seem to be yawning at each other. 2023 අප්‍රේල් 19 වන දින කොලොම්බියාවේ ඩොරඩාල් හි, මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පැබ්ලෝ එස්කොබාර්ගේ පෞද්ගලික සත්වෝද්‍යානය වූ හසෙන්ඩා නැපෝල්ස් උද්‍යානය අසල වනයේ පිහිටි විලක සිටින "කොකේන් හිපපෝටේමස්" සත්වයින් දෙදෙනෙකු ඡායාරූපයට නගා ඇත.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

    • Author, ෆර්නැන්ඩු ඩුආර්ටේ
    • Role, බීබීසී ලෝක සේවය
  • කියවීමේ කාලය: මිනිත්තු 9

පැබ්ලෝ එස්කොබාර් යනු කොලොම්බියාව වසර 30කට වැඩි කාලයක් තිස්සේ අමතක කිරීමට උත්සහ කරන නමකි.

ලොව මෙතෙක් සිටි වඩාත් ම කුප්‍රකට අපරාධකරුවන්ගෙන් කෙනෙකු වූ ඔහු 1980 ගණන්වල කුප්‍රකට මෙඩලින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිර්මාතෘවරයා වූ අතර වරක් ලෝකයේ ධනවත් ම පුද්ගලයින්ගෙන් කෙනෙකු ලෙස විශ්වාස කෙරිණි.

ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම් හරහා නිර්මාණය කළ ගැටලුවලට අමතරව, පාරිසරික ගැටලුවක් ද නිර්මාණය කළේ ය. 1980 ගණන්වල ඔහු තම පෞද්ගලික සත්වෝද්‍යානය සඳහා ගෙන ආ හිපපොටේමස් සත්වයින් බෝවෙමින් රටේ ප්‍රධාන ගංගාවක් වන මැග්ඩලීනා ගඟ ඔස්සේ අධික ලෙස ව්‍යාප්ත වී ගොස් තිබේ.

2022 සිදුකළ අධ්‍යයනයකින් පෙනී යන්නේ, දැන් මෙම "කොකේන් හිපපොටේමස්" සත්වයින් 250 දෙනෙකු පමණ සිටිය හැකි බව ය. දශක ගණනාවක් සිදුකළ සාකච්ඡාවලින් පසුව, කොලොම්බියානු රජය එම සත්වයින්ගෙන් 80 දෙනෙක් ඝාතනය කිරීමට සැලසුම් කර ඇති බව නිවේදනය කර ඇත.

"අපි මේක කළේ නැත්නම්, මේ ගහනය පාලනය කරන්න අපිට බැරි වෙනවා, අපේ පරිසර පද්ධතිය ආරක්ෂා කර ගන්න මේ පියවර ගන්න ම වෙනවා," පරිසර අමාත්‍ය අයිරින් වේලෙස් පැවසුවා ය.

කෙසේ වෙතත්, සත්ව හිමිකම් සම්බන්ධ කණ්ඩායම් මෙම තීරණය විවේචනය කර ඇති අතර, සෙනෙට් සභික ඇන්ඩ්‍රියා පැඩිල්ලා එය "සරලව ම කුරිරු" ක්‍රියාවක් ලෙස හැඳින්වීය.

"මම කවදාවත් සෞඛ්‍ය සම්පන්න ජීවින් ඝාතනය කරන්න සහය දක්වන්නේ නැහැ, විශේෂයෙන් රජයේ වගකීම් විරහිතභාවය, නොසලකා හැරීම, උදාසීනත්වය සහ දූෂණය හේතුවෙන් ඔවුන් දුක් විදිමින් ඉන්නේ," ඇය තම X ගිණුමේ සටහනක් පළකරමින් පවසා තිබිණි.

The picture shows the entrance of Hacienda Napoles, the former private ranch of drug lord Pablo Escobar. It shows a portal painted in blue an white and with a decommissioned aircraft on top. පින්තූරයේ දැක්වෙන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පැබ්ලෝ එස්කොබාර්ට අයත්ව තිබු පෞද්ගලික ගොවිපළක් වන හසෙන්ඩා නැපෝල්ස් හි පිවිසුමයි. එහි නිල් සහ සුදු පැහැයෙන් වර්ණාලේප කර ඇති ද්වාරයක් ඇති අතර එයට ඉහළින් සේවයෙන් ඉවත් කරන ලද ගුවන් යානයක් දකින්න ඇත.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, හසෙන්ඩා නැපෝල්ස් කලක් පැබ්ලෝ එස්කොබාර්ගේ සුඛෝපභෝගී වතුයායක් වූ අතර දැන් එය විනෝද උද්‍යානයකි.

ආක්‍රමණශීලී සත්ව විශේෂයක්

A group of hippos is seen swimming together in the Magdalena River, Colombia, in 2022. At least two of them are looking directly at the camera. 2022 දී කොලොම්බියාවේ මැග්ඩලීනා ගඟේ හිපපෝ කණ්ඩායමක් එකට පිහිනනු දක්නට ලැබේ. අවම වශයෙන් ඔවුන්ගෙන් දෙදෙනෙකු කැමරාව දෙස කෙලින්ම බලා සිටිති.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යාඥයින් විශ්වාස කරන්නේ දශකයක් තුළ හිපෝ ගහණය 1,400 ඉක්මවිය හැකි බවට ය

පාරිසරික හානිය අවම කිරීමට ඇති එක ම ක්‍රමය වනයේ සතුන් මරා දැමීම බව කොලොම්බියාවේ විද්‍යාඥයින් දිගු කලක් තිස්සේ තර්ක කර ඇත. ගැටලුව වන්නේ හිපපොටේමස් සත්වයින් කොලොම්බියාවට හෝ අප්‍රිකාවෙන් පිටත කිසිදු රටකට ආවේණික නොවීම ය.

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

එයින් අදහස් කරන්නේ, ඔවුන්ට සිංහයන් හෝ කිඹුලන් වැනි ස්වභාවික විලෝපිකයන් නොමැති බැවින් ඔවුන්ගේ ගහනය නිදහසේ වර්ධනය විය හැකි බව ය.

"මේ සතුන් ගැන ඇත්තට ම අපට කනගාටුයි, නමුත් විද්‍යාඥයන් විදිහට අපි අවංක වෙන්න ඕන," "කොකේන් හිපපොටේමස්" සත්වයින් පිළිබඳ ප්‍රමුඛ විශේෂඥයෙකු වන කොලොම්බියානු ජීව විද්‍යාඥ නටාලි කැස්ටල්බ්ලැන්කෝ බීබීසීයට පවසයි.

"හිපපොටේමස් යනු කොලොම්බියාවේ ආක්‍රමණශීලී සත්ව විශේෂයක්, අපි දැන් ඔවුන්ගේ ගහනයෙන් කොටසක් මරා නොදැම්මොත්, ඉදිරි වසර 10ක් හෝ 20 ඇතුළත තත්වය පාලනයෙන් තොර වෙන්න පුළුවන්."

"රජය කනගාටුදායක නමුත් අවශ්‍ය තීරණයක් ගෙන තියෙනවා. විද්‍යාවට ඇහුම්කන් දීම ගැන ස්තූතිවන්ත වෙනවා."

"කොකේන් හිපපොටේමස්" සත්ව ගහනය වර්ධනය වේගවත් වී ඇත්තේ සිංහයන් සහ කිඹුලන් වැනි විලෝපිකයන් නොමැති නිසා පමණක් නොව, දේශගුණය ද ඔවුන්ගේ පැවැත්මට සහ ගහනය වර්ධනය වීමට උපකාරී වන නිසා බව කැස්ටල්බ්ලැන්කෝ පැහැදිලි කරයි.

අප්‍රිකාවේ පවතින දිගු වියළි කාලගුණය හිපෝගහනය සීමා කිරීමට උපකාරී වේ. නමුත් මැග්ඩලීනා ගංගා ද්‍රෝණියට නිතිපතා වැසි ඇද හැලෙන නිසා එහි තත්ත්වය ඊට වඩා බෙහෙවින් වෙනස් ය. මෙම තත්ත්වයන් හිපෝ සත්වයින්ට ඉතා යහපත් බැවින් ඔවුන්ට ඉක්මනින් වැඩී තරුණ වයසට පැමිණ තම ප්‍රජනන ක්‍රියාවලිය ආරම්භ කළ හැකි ය.

හිපපොටේමස් සත්වයින් එහි පැමිණියේ කෙසේ ද?

Visitors feed Vanesa the hippo at Hacienda Napoles, in 2009. Women and children are throwing pieces of carrot to the animal, which waits on the other side of a barbed-wire fence. 2009 දී හසෙන්ඩා නැපෝල්ස් වෙත පැමිණි අමුත්තන් වැනේසා හිපෝවට ආහාර ලබාදීම සිදුකරන අයුරු. කාන්තාවන් සහ ළමයින් කටු කම්බි වැටක අනෙක් පැත්තේ බලා සිටින හිපපොටේමස් සත්වයාට කැරට් කැබලි විසි කරති.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, බොහෝ කොලොම්බියානුවන් 2009 දී මෙහි දක්නට ලැබුණු වැනේසා වැනි "කොකේන් හිපෝ" සත්වයින් මරා දැමීමට විරුද්ධ ය

1993 දී කොලොම්බියානු ආරක්ෂක හමුදා පැබ්ලෝ එස්කොබාර් ඝාතනය කිරීමෙන් පසුව "කොකේන් හිපපොටේමස්" යනුවෙන් හඳුන්වන සත්වයින්ගේ වර්ධනය ආරම්භ විය.

ඔහුගේ මරණයෙන් පසු, කොලොම්බියානු අගනුවර වන බොගෝටා සිට කිලෝමීටර් 250ක් පමණ වයඹ දෙසින් පිහිටි ඔහුගේ සුඛෝපභෝගී වතුයාය වන හසෙන්ඩා නැපෝල්ස් එරට බලධාරීන් විසින් අත්පත් කර ගන්නා ලදී.

ඔවුන් ඔහුගේ පෞද්ගලික සත්වෝද්‍යානය කඩා ඉවත් කළ අතර පසුව එය ජනප්‍රිය විනෝද උද්‍යානයක කොටසක් බවට පත් විය.

නමුත් හිපපොටේමස් සත්වයින් හැර හසීන්ඩා නැපෝල්ස් වතු යායේ සිටි සතුන් රට පුරා පිහිටි සත්වෝද්‍යානවලට බෙදා හරින ලදී.

"මේ සතුන්ව රැගෙන යාමේ අපහසුතා නිසා බොහෝ වෙලාවට ඔවුන් මිය යාවි කියලා බලධාරීන් ඔවුන්ව එහි ම දමාගොස් තිබුණා," යැයි කැස්ටල්බ්ලැන්කෝ පවසයි.

එහෙත්, සිදුවූයේ නොසිතූ දෙයකි. ඔවුන්ගේ ගහනය වර්ධනය විය.

"මේ අප්‍රිකානු නිජ භූමියෙන් පිටත ඉන්න විශාලතම හිපපොටේමස් සතුන් කණ්ඩායම යි," පශු වෛද්‍ය සහ සංරක්ෂණ විද්‍යාඥ කාලෝස් වැල්ඩෙරාමා බීබීසී වෙත පැවසුවේ ය.

කැස්ටල්බ්ලැන්කෝ ඇතුළු විශේෂඥයින් පවසන්නේ, හිපෝගහනය තවදුරටත් වර්ධනය වනු ඇති බව ය. මුල් හිපපොටේමස් සත්ව කණ්ඩායම පිරිමි සහ ගැහැනු සතුන් තිදෙනෙකුගෙන් සමන්විත වූ අතර හිපෝගහනය පාලනයට පියවර නොගතහොත් 2034 වන විට එය සත්වයින් 1,400 ඉක්මවිය හැකි බවට ඔවුන් ඇස්තමේන්තු කර තිබේ.

2021දී සිදුකළ අධ්‍යයනයකදී, එම තත්ත්වය ඇතිවීම වැළැක්වීම සඳහා සෑම වසරක ම හිපපොටේමස් සත්වයින් 30 දෙනෙකු පමණ මරා දැමීම හෝ වන්ධ්‍යාකරණය කිරීම අවශ්‍ය වනු ඇතැයි ඔවුහු යෝජනා කළහ.

හිපපොටේමස් මෙතරම් ගැටලුවක් බවට පත්ව ඇත්තේ ඇයි?

A sign written in Spanish alerts to the presence of hippos on the riverbank in the Colombian town of Doradal. කොලොම්බියාවේ ඩොරඩාල් නගරයේ ගං ඉවුරේ හිපපෝ සත්වයින් සිටින බවට අනතුරු අඟමින් ස්පාඤ්ඤ භාෂාවෙන් ලියා ඇති පුවරුවක්.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, විද්‍යාඥයින් සහ බලධාරීන් පවසන්නේ හිපපොටේමස් ප්‍රාදේශීය ප්‍රජාවන්ට ද අවදානමක් ඇති කරන බව ය

හිපෝ සතුන්ගෙන් පරිසරයට ඇති වන බලපෑම අධ්‍යයනය කරන විද්‍යාඥයින් විශ්වාස කරන්නේ, ඔවුන්ගේ පැවැත්ම දේශීය පරිසර පද්ධතියට විවිධ ආකාරවලින් බලපෑ හැකි බව ය. විශේෂයෙන් ම මැනටී වැනි දැනටමත් වඳවීමේ තර්ජනයට ලක්ව ඇති දේශීය සත්ව විශේෂ වඳවීමේ සිට ධීවර කර්මාන්තයට හානිකළ හැකි ජල පද්ධතිවල රසායනික සංයුතිය වෙනස් කිරීම දක්වා එය ව්‍යාප්තව ඇත.

"දහස් ගණනක් ජනතාව තමන්ගේ ජීවනෝපාය සරිකර ගන්නා කොලොම්බියාවේ විශාලතම ගංගා ද්‍රෝණිය පුරා හිපපොටේමස් සත්වයින් ව්‍යාප්ත වෙමින් තියෙනවා," යැයි කැස්ටෙල්බ්ලැන්කෝ පවසයි.

"හසෙන්ඩා නැපෝල්ස් ඉඳලා කිලෝමීටර් 370ක් දුරින් හිපපොටේමස් සතුන් ඉන්නවා දැකලා තිබෙනවා."

ඔවුන් මිනිසුන්ට ද භයානක විය හැකි ය. කොලොම්බියාවේ තවමත් මිනිසුන්ට එරෙහිව මාරාන්තික ප්‍රහාර එල්ල වී නොමැති වුව ද, හිපපොටේමස් සත්වයින් තමන්ගේ භුමියට පිටස්තරයින් ඇතුළුවීම නොරිස්සන සත්ව කොට්ඨාසයක් වන අතර අප්‍රිකාවේ පමණක් වසරකට පුද්ගලයින් 500 දෙනෙකු පමණ මරා දමන බවට ගණන් බලා ඇත . එය සිංහයන්, කිඹුලන් හෝ අලි ඇතුන්ගේ ප්‍රහාරවලින් මියයන මිනිසුන් සංඛ්‍යාවට වඩා විශාල අගයකි.

'ඒක හරියට ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඉන්නවා වගේ'

This handout picture shows several men moving a sedated hippo inside a cage during a capture operation in Colombia. A crane is also being used. මෙම අත්පත්‍රිකා පින්තූරයේ දැක්වෙන්නේ කොලොම්බියාවේ හිපෝ සත්වයෙකු අල්ලා ගැනීමේ මෙහෙයුමක් අතරතුර, සන්සුන් කරන ලද හිපපොටේමස් සත්වයෙක් කූඩුවක් තුළට ගෙන යන පිරිමි පුද්ගලයින් දෙනෙකු ය. එයට දොඹකරයක් ද භාවිතා කෙරේ.

ඡායාරූප මූලාශ්‍රය, Courtesy of Carlos Valderrama

ඡායාරූප ශීර්ෂ වැකිය, හිපෝ සත්වයින් වන්ධ්‍යකරණය සිදුකිරීම භයානක හා සංකීර්ණ ව්‍යායාමයක් බව විශේෂඥයෝ පවසති.

සත්වයින් ඝාතනය කිරීමේ අදහසට විරුද්ධ වන විශේෂඥයින් පිරිසක් ද සිටින බව ද සැලකිල්ලට ගැනීම වැදගත් ය.

"කොකේන් හිපෝ" සත්වයින් ගෝලීය හිපෝගහනය ආරක්ෂා කිරීමට බලාපොරොත්තුවක් ලබා දෙයි. ස්වභාවධර්ම සංරක්ෂණය සඳහා වූ ජාත්‍යන්තර සංගමය (IUCN) වැනි කණ්ඩායම් විසින් අවදානමට ලක්විය හැකි සත්වයින් ලෙස ඔවුන් ලැයිස්තුගත කරනු ලැබ ඇති බව කොලොම්බියාවේ ජාතික විශ්වවිද්‍යාලයේ ජීව විද්‍යාඥ එන්රික් ඕර්ඩොනෙස් පවසයි.

හිපෝගහනය පාලනය කිරීම සඳහා වඩා සුදුසු ක්‍රමය ලෙස වන්ධ්‍යාකරණය බවට විශ්වාස කරන විශේෂඥයින්ගෙන් ඔහු ද කෙනෙකි.

මේ පිළිබඳ අත්දැකීම් තිබෙන කාලෝස් වැල්ඩෙරාමාට අනුව එවැනි ක්‍රියාපටිපාටි සරල හෝ ලාභදායී නොවේ.

2009 දී, වැඩි වන හිපෝගහනය පාලනය කිරීම සඳහා විකල්ප අධ්‍යයනය කිරීමේ අත්හදා බැලීමක කොටසක් ලෙස ඔහු පිරිමි "කොකේන් හිපෝ" සත්වයෙකු වන්ධ්‍යාකරණය කිරීමේ සැත්කමක් සිදු කළේ ය.

"අපි මේ කතා කරන්නේ ටොන් පහක් බර ආක්‍රමණශීලී සතෙක් ගැනයි," වැල්ඩෙරාමා පවසයි.

"අපි සතාව සන්සුන් කළත්, ඒ වැඩේට උදව් කරන්න අපි පාවිච්චි කරපු දොඹකරයත් පැත්තට ඇළවුණා. ඒක හරියට ජුරාසික් පාර්ක් චිත්‍රපටයේ ඩයිනෝසෝරයෙක් එක්ක හිටියා වගේ."

විශේෂයෙන් ඩොලර් 50,000ක බිල්පත සැලකිල්ලට ගනිමින් පශු වෛද්‍යවරයා පවසන්නේ, අත්හදා බැලීමේ ප්‍රධාන පාඩම වූයේ වන්ධ්‍යාකරණය පමණක් විකල්පයක් නොවන බව ය.

"මෙම හිපෝ සතුන්ගෙන් වැඩි පිරිසක් කැලයේ තමයි ජීවත් වෙන්නේ. ඔවුන් හැමෝට ම ළං වෙන එක ලේසි කාර්යයක් නෙමෙයි."

"කොහොම වුණත් හිපෝ සත්වයින් දිගට ම තමන්ගේ ප්‍රජනන කටයුතු කරගෙන යනවා, ඔවුන්ට ගැහැනු සතුන් කිහිප දෙනෙක් එක්ක ම සංසර්ගයේ යෙදෙන්න පුළුවන්" යැයි වැල්ඩෙරාමා තවදුරටත් පවසයි.

මරණ තර්ජන

A man holds a hippopotamus figure at a souvenir shop in Colombia. Another one can be seen in the background.

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, කොලොම්බියාවේ හිපෝ සත්වයින් කෙරෙහි විශාල මහජන උනන්දුවක් පවතින අතර එය ගෘහ කර්මාන්තයක් නිර්මාණය කර ඇත

කොලොම්බියානු බලධාරීන් මීට පෙර තවත් ප්‍රවේශයකට කැමැත්තක් දැක්වූහ. ඒ හිපෝ සත්වයින් අල්ලා ලොව පුරා සත්වෝද්‍යානවලට ලබා දීමයි. නමුත් නැව්ගත කිරීමේ පිරිවැය නිසා නොව මෙම සතුන් නැවත ස්ථානගත කිරීමේ උත්සහයන් අසාර්ථක විම නිසා එය සාර්ථක නොවී ය. එමෙන් ම එස්කොබාර් විසින් ගෙන එන ලද මුල් පිරිමි සහ ගැහැනු සතුන් තිදෙනාගෙන් පැවත එන කොලොම්බියාවේ ඉපදී තම වර්ගයා බෝ කරන ලද මෙම "කොකේන් හිපපොටේමස්" සත්වයින් හරහා අප්‍රිකාවේ සිටින දේශීය සත්වගහනයට පහසුවෙන් රෝග ව්‍යාප්ත කිරීම පමණක් නොව ජානමය අවදානම් ද ඇති කළ හැකි නිසා මෙම සතුන් නැවත ඔවුන්ගේ නිජ භුමිය වන අප්‍රිකාව වෙත යැවීම කිසි විටෙකත් සිදුකළ නොහැකි විකල්පයක් විය.

එසේනම්, දැඩි ක්‍රියාමාර්ග නොගැනීමට බලධාරීන්ට සිදු වූයේ ඇයි? සරල පිළිතුර: මහජන මතයයි.

නටාලි කැස්ටල්බ්ලැන්කෝගේ අත්දැකීම්වලට අනුව, "කොකේන් හිපපොටේමස්" සත්වයින් ගැන මිනිසුන්ට දැඩි හැඟීමක් ඇත.

කොලොම්බියානු මාධ්‍ය ඇගේ අධ්‍යයනය වාර්තා කිරීමෙන් පසු, ජීව විද්‍යාඥවරියට සමාජ මාධ්‍ය ඔස්සේ අපයෝජන සහ මරණ තර්ජන එල්ල විය.

"ඇතැම් අය මට 'ඝාතකයෙක්' කියලා නම් කළා. කොලොම්බියාවේ සමහර අයට හිපපොටේමස් සතුන් ගැන කතා කරනකොට හරියට තරහා යනවා," ඇය කියා සිටියා ය.

"ඒක ස්වාභාවිකව මිනිසුන්ගෙන් දකින්න ලැබෙන ප්‍රතිචාරයක්. බොහෝ දෙනෙකුට හුරුබුහුටි යැයි සිතිය හැකි දැවැන්ත ක්ෂීරපායී සතුන් වෙනුවට, ගස් හෝ කුඩා ජීවීන් ගැන කතා කරන විට, ආක්‍රමණශීලී විශේෂ ගැන මිනිසුන් බොහෝ දේ තේරුම් ගැනීමට කැමැත්තක් දක්වනවා."

මැග්ඩලීනා ගඟ දිගේ වෙසෙන ප්‍රජාව තුළ හිපපොටේමස් සත්වයින් වටා ක්‍රියාත්මක වන කුඩා දේශීය කර්මාන්තයක් ද ඇත.

හසීන්ඩා නැපෝල්ස්හි ප්‍රතිසංස්කරණය කරන ලද සත්වෝද්‍යානයේ මේ වන විට අල්ලා ගන්නා ලද හිපපොටේමස් සත්වයින් කිහිප දෙනෙක් මහජන ප්‍රදර්ශනය සඳහා තබා ඇති අතර සෑම වසරක ම සංචාරකයින් දහස් ගණනක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබී ඇත. සිත්ගන්නා කරුණ නම්, එස්කොබාර් ජීවතුන් අතර සිටියදී, ඔහු තම සත්වෝද්‍යානය ප්‍රසිද්ධ කරලීම සඳහා ගනු ලැබූ ප්‍රචාරක පියවරක් ලෙස මහජනතාවට එහි සංචාර කිරීම සඳහා ඉඩ ලබා දුන් අතර, නටාලි කැස්ටල්බ්ලැන්කෝ කුඩා කාලයේදී ඇගේ පවුලේ අය සමග එහි ගිය බව මතකයේ තිබේ.

2009 දී වතුයාය අසල වෙසෙන ප්‍රජාවට තර්ජනයක් වේ යැයි සිතා කොලොම්බියානු සොල්දාදුවන් පෙපේ නම් සත්වයාට වෙඩි තබා ඝාතනය කරන ලදී. ඉන්පසුව තුවක්කුකරුවන් මළ සිරුර සමග පෙනී සිටිමින් සෙල්ෆි ගත් බව හෙළිදරව් වීමෙන් ඇති වූ දැවැන්ත මහජන විරෝධය හේතුවෙන් හිපපොටේමස් සත්වයින් වෙනුවෙන් නීතිමය ආරක්ෂාව ලබා දීමට සිදු විය.

නමුත් දැන් තත්ත්වය "තරමක් බරපතළ" වී ඇති අතර එම ස්ථාවරය වෙනස් කිරීමට හේතු වන බව කොලොම්බියානු පරිසර ඒජන්සියක් වන කෝනාරේහි ජීව විද්‍යාඥ ඩේවිඩ් එචෙවරි බීබීසී ප්‍රවෘත්ති ලෝක සේවයට පැවසීය.

"ගහනය පාලනය කරන්න තියෙන එක ම ක්‍රමය ඔවුන්ව ඝාතනය කිරීම නෙමෙයි, නමුත් පාලනය කිරීම තවමත් අවශ්‍ය යි" ඔහු පවසයි.

එස්කොබාර්ගේ උරුමය

A 1983 black-and-white picture shows drug lord Pablo Escobar beside his then wife, Maria Victoria. Escobar is looking directly at the camera. 1983 කළු-සුදු ඡායාරූපයක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන පැබ්ලෝ එස්කොබාර් ඔහුගේ එවකට බිරිඳ වූ මාරියා වික්ටෝරියා අසල සිටිනු දැක්වේ. එස්කොබාර් කෙලින්ම කැමරාව දෙස බලයි.

ඡායාරූප මූලාශ්‍රය, Gamma-Rapho via Getty Images

කැස්ටෙල්බ්ලැන්කෝ සහ ඇගේ සගයෝ සතුන්ගේ ව්‍යාප්තිය තරම් ම මෙම අවහිරතාව ගැන කනස්සල්ලට පත්ව සිටිති.

2011 සිට 2019 දක්වා කාලය තුළ සතුන් හතර දෙනෙකු පමණක් වන්ධ්‍යාකරණයට ලක් කර ඇති බව රජයේ නිල සංඛ්‍යා ලේඛනවලට අනුව ඔවුන්ගේ අධ්‍යයනයෙන් පෙන්නුම් කරයි.

"මේ දක්වා කොලොම්බියාවේ හිපෝලා ජීවත් වෙන්නේ පාරාදීසයක" යැයි කැස්ටෙල්බ්ලැන්කෝ විශ්වාස කරයි.

"නමුත් ඒක පාරිසරික කාල බෝම්බයක්."

පැබ්ලෝ එස්කොබාර්ගේ මරණයෙන් වසර 30කට වැඩි කාලයකට පසුවත්, "කොකේන් හිපපොටේමස්" සත්වයින් තවමත් කොලොම්බියාව තුළ ඔහුගේ කල් පවතින උරුමය පිළිබඳ සලකුණක් ලෙස පවතී.