BBC News, සිංහල - ප්‍රධාන පුවත්

සජීවී.,
ඉරානය සහ ඇමෙරිකාව අතර 'විශේෂඥ මට්ටමේ' සාකච්ඡා ඇරඹෙයි

එක්සත් ජනපදය සහ ඉරානය අතර පළමු වටයේ සාකච්ඡා අවසන් වුණු අතර දැන් දෙරට අතර දෙවන වටයේ සාකච්ඡා ආරම්භ වී තිබේ. පකිස්ථාන විදේශ අමාත්‍යංශයේ නිලධාරියෙකුට අනුව, ඉරානය සහ එක්සත් ජනපදය අතර සාකච්ඡා "විශේෂඥ මට්ටමින්" ආරම්භ වී ඇත.

ප්‍රධාන පුවත

ශ්‍රී ලංකාව

BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ

ලෝකය

ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?

අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න

ක්‍රීඩා

සෞඛ්‍යය

වෘත්තීය සහ දිවිමග

වීඩියෝ

විශේෂාංග

  • ලාල් කාන්තගේ නිවස, වත්කම් බැරකම් සහ 'සමාජ ප්‍රාග්ධනයේ' නීත්‍යනුකූලභාවය

    අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්තගේ නිවසේ පැවති දානමය පුණ්‍යකර්මයක් අතරතුර ජනාධිපති අනුර කුමාර දිසානායක, අගමැති ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු කිහිප දෙනෙකු පුටුවල අසුන්ගෙන ආහාර ගන්නා ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යවල සංසරණය විය. එහිදී, ජනාධිපති සහ අගමැති ඇතුළු රජයේ ඉහළ පෙළේ පුද්ගලයින්ගේ 'සරලකම', 'නිහතමානීත්වය' පිළිබඳ අදහස් පළ වී තිබෙනු දැක ගත හැකි විය. කෙසේ වෙතත්, දින කිහිපයක් තුළ අදාළ ඡායාරූප හරහා ආණ්ඩුවට යම් විරෝධයක් පළ වන පෝස්ට් සමාජ මාධ්‍ය හරහා සංසරණය වීමට පටන් ගත්තේ ය.

  • NDB බැංකුවේ රුපියල් බිලියන 13.2 මූල්‍ය වංචාව ගැන අප මෙතෙක් දන්නේ මොනවා ද?

    ශ්‍රී ලංකා වාණිජ බැංකු ඉතිහාසයේ විශාලතම මෙහෙයුම් අක්‍රමිකතාව බව පැවසෙන ජාතික සංවර්ධන බැංකුවේ (NDB) සිදුවූ බව කියන "රුපියල් බිලියන 13කට අධික" මූල්‍ය වංචාව සම්බන්ධයෙන් මේ වන විට සමාජය තුළ දැඩි කතා බහක් නිර්මාණය වී තිබේ.

  • කොන්ඩම් මිල ඉරාන යුද්ධය නිසා ඉහළ යන්නේ ඇයි?

    ඉරාන යුද්ධය ලොව කර්මාන්ත රැසක් කම්පනයට පත් කර තිබේ. දැන් එහි බලපෑම ජීවන රටාව ආශ්‍රිත කර්මාන්ත සඳහා දැනෙමින් පවතී. උපත් පාලන කොපු කර්මාන්තය තුළ ද අමුතුම ආකාරයේ නොසන්සුන්තාවයක් මතු වී තිබේ.

  • QR ගෙවීම් ගැන පාරිභෝගික සහ ව්‍යාපාරික ඔබ දැන ගත යුතු ම කරුණු 3ක්

    ශ්‍රී ලංකාව තුළ 'ජාතික QR ගෙවීම් ප්‍රචලිත කිරීමේ ව්‍යාපෘතිය' අප්‍රේල් 6 වන දින නිල වශයෙන් ආරම්භ කෙරිණි. ශ්‍රී ලංකාව කාසි සහ නෝට්ටු භාවිතය අවම වූ (cash-lite) ආර්ථිකයක් කරා මෙහෙයවීම මෙහි මූලික අරමුණ බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

  • පාසල් සිසුන් සම්බන්ධ දඬුවම් ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් අලුත් චක්‍රලේඛයක්

    පාසල් සිසු සිසුවියන් අතර විනය පවත්වාගෙන යාමේදී ශාරීරික සහ මානසික දඬුවම් ක්‍රියාත්මක කිරීමට එරෙහිව තවත් චක්‍රලේඛයක් අධ්‍යාපන අමාත්‍යංශය විසින් නිකුත් කරනු ලැබ තිබේ. එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ, ශ්‍රේෂ්ඨාධිකරණ නඩු තීන්දුවකදී ලබා දී ඇති නියෝගයකට අනුව ය. ඒ අනුව, ශ්‍රේෂ්ඨාධිකරණයේ අංක 461/2012 (FR) දරන නඩු තීන්දුවේ 17 වන ඡේදය සැලකිල්ලට ගනිමින් එම චක්‍රලේඛය නිකුත් කර තිබේ.

ජනප්‍රිය ලිපි