ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
අධිකරණය හමුවට ගෙනා නාමල් රාජපක්ෂ ගැන කොටුව මහේස්ත්‍රාත් ගත් තීරණය
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
SriLankan ගුවන් සමාගමට එයාර් බස් ගුවන් යානා මිල දී ගැනීමේදී ඇමෙරිකානු ඩොලර් මිලියන දෙකක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව සැකකරුවෙකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කෙරිණි.
කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (සැප්: 16) නියෝග කළේ, මේ මස 23 වන දා දක්වා ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ය.
නාමල් අධිකරණයට එයි
සැකකරුගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය එදින ප්‍රකාශයට පත් කරන බව මහේස්ත්‍රාත්වරයා නියම කළේ ය.
බන්ධනාගාරගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අද දින මෙම නඩු කටයුත්ත සඳහා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.
එහිදී විමර්ශන සිදු කරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරල් ජනක බණ්ඩාර සහ සැකකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මෙම නියෝගය නිකුත් කළේ ය.
තවත් තොරතුරු බලාපොරොත්තු වන්න...