ඔබ මේ දකින්නේ අවම ඩේටා ප්‍රමාණයක් භාවිත කරන මෙම වෙබ් අඩවියේ පෙළ පමණක් කියවිය හැකි අනුවාදයකි. රූප සහ වීඩියෝ අන්තර්ගත අපගේ මුලික වෙබ් අඩවිය මෙතැනින් නරඹන්න.
අවම ඩේටා ප්‍රමාණයක් භාවිතා කරන මෙම වෙබ් පිටු පිළිබඳ වැඩිදුර කියවන්න
විශ්ව කොඩිකාර: කොකේන් ළඟ තබා ගත් බවට වරද පිළිගත් ජනප්‍රිය රංගන ශිල්පියාට අධිකරණය දුන් තීන්දුව
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
කොකේන් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ජනප්‍රිය නළු විශ්ව කොඩිකාරට රුපියල් පන් දහසක දඩයක් නියම කර තිබේ.
ගල්කිස්ස මහේස්ත්‍රාත් කාංචනා නෙරංජලා සිල්වා අද දින (සැප්: 17) එසේ නියම කළේ, විශ්ව කොඩිකාර එම වරද පිළිගැනීමෙන් පසුව ය.
වැල්ලවත්ත පොලිසියට ඊයේ (සැප්: 16) රාත්‍රීයේදී ලද තොරතුරකට අනුව වෙරළ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ අවන්හලක සිදු කරන ලද වැටලීමකදී ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.
එහිදී, ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර ඇතුළු පස් දෙනෙකු පොලිසිය විසින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගනු ලැබ තිබූ අතර අද දින ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී විශ්ව කොඩිකාර සන්තකයේ කොකේන් මිලිග්‍රෑම් 1050ක් තිබී සොයා ගත් බව වැල්ලවත්ත පොලිසියේ නඩු මෙහෙයුම් අංශය ගල්කිස්ස අධිකරණයට කරුණු දක්වමින් පැවසුවේ ය.
නැවතත් මෙවැනි වරද සම්බන්ධයෙන් අධිකරණයට පැමිණියහොත් පුනරුත්ථාපනයට යොමු කරන බවට මහේස්ත්‍රාත්වරිය මෙහිදී විශ්ව කොඩිකාර ඇතුළු පිරිසට අවවාද කළා ය.