තායිලන්තයේ රහසිගත වහල් වෙළඳාමක්

බංගලාදේශ පිරිමින් 134 දෙනෙකුද මෙසේ වහල් සේවයේ යොදවා ඇති පිරිස අතර සිටින බවයි පැවසෙන්නේ
ඡායාරූප ශීර්ෂ වැකිය, බංගලාදේශ පිරිමින් 134 දෙනෙකුද මෙසේ වහල් සේවයේ යොදවා ඇති පිරිස අතර සිටින බවයි පැවසෙන්නේ
Published

වහල් සේවයේ යොදවා සිටිය දී සොයා ගනු ලැබූ එක සිය හැත්තෑවකට වැඩි පිරිසක් ආපසු යවනු වෙනුවට නීති විරෝධී සංක්‍රමණිකයන් ලෙස සිරගත කිරීමට තායිලන්තයේ බැංකොක් හි ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් විසින් කටයුතු කරනු ලැබ තිබේ.

බලහත්කාරයෙන් පැහැර ගෙනවිත් තායිලන්ත අන්දමන් මුහුදු තීරය අසළ කැලෑබද කඳවුරු තුළ රඳවා ගෙන සිටිය දී බේරා ගනු ලැබූ වැඩි දෙනා බංගලාදේශ ජාතික පිරිමින් බවයි පැවසෙන්නේ.

වහල් වෙළඳාමක් ලෙස පෙනෙන්නට තිබෙන මෙම නීති විරෝධී කටයුත්ත නවතා දැමීමට පරිපාලන නිලධාරීන් කටයුතු කරමින් සිටින නමුත් මධ්‍යම රජයෙන් එයට නිසි සහයෝගයක් නො ලැබෙන බව ද සඳහන්.

මෙම වහල් වෙළඳාම පිටුපස ප්‍රබලයන් පිරිසක් සිටින හෙයින් ඔවුන්ට එරෙහිව කටයුතු කිරීමට පොලීසිය අසමත් වී ඇති බවයි බී බී සී වාර්තාකරු පවසන්නේ.