ඊජිප්තු හමුදාවේ පහක් මරුට

දෝෂාරෝපණය එල්ල වී ඇත්තේ "ඉස්ලාමීය සහෝදරත්වය" වෙතටයි

ඡායාරූප මූලාශ්‍රය, AP

ඡායාරූප ශීර්ෂ වැකිය, දෝෂාරෝපණය එල්ල වී ඇත්තේ "ඉස්ලාමීය සහෝදරත්වය" වෙතටයි
Published

ඊජිප්තුවේ කයිරෝ නුවරට නුදුරින් ඇති හමුදා පිරික්සුම් පොළක් වෙත නාඳුනන තුවක්කු කරුවකු විසින් එල්ල කළ වෙඩි තැබීමකින් අවම වශයෙන් හමුදා සොල්දාදුවන් පස් දෙනෙකු වත් මියගොස් ඇති අතර පිරික්සුම් පොළට නුදුරින් තිබූ බෝම්බ දෙකක් ද නිෂ්ක්‍රීය කර ඇත.

මේ අතර බ්‍රහස්පතින්දා කයිරෝ නුවරදී මුහුණ ආවරණය කරගත් තුවක්කු කරුවකු විසින් හමුදා බස් රථයකට වෙඩි තැබීමෙන් එක් හමුදා නිලධාරියකු මරණයට පත්වු අතර තවත් තුන් දෙනෙකුට තුවාල සිදුවිය.

මේ ප්‍රහාරය පිළිබඳව හමුදාවේ දෝෂාරෝපණය එල්ල වී ඇත්තේ නීති විරෝධී ක්‍රියාවන්හි නිරත කණ්ඩායමක් වන ඉස්ලාමීය සහෝදරත්වය වෙතටයි.

එහෙත් අතීතයේ දී මෙවැනි චෝදනාවන් ඔවුන් විසින් ප්‍රතික්ෂේප කොට ඇත.