ඊජිප්තු හමුදා බස් රථයකට වෙඩි ප්‍රහාරයක්

ඊජිප්තු හමුදාපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට

ඡායාරූප මූලාශ්‍රය, Reuters

ඡායාරූප ශීර්ෂ වැකිය, ඊජිප්තු හමුදාපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට
Published

ඊජිප්තුවේ කයිරෝ නුවර දී හමුදා බස් රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් හමුදා නිලධාරියෙක් මරණයට පත් වී ඇති බව වාර්තා වෙයි.

තවත් තිදෙනෙකුට තුවාල සිදු කළ මෙම වෙඩි ප්‍රහාරය එල්ල කර ඇත්තේ මුහුණු වසා ගත් තුවක්කු කරුවන් පිරිසක්.

ඊජිප්තු හමුදාපතිවරයා මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව නිල වශයෙන් දැනුම් දීමට දින කිහිපයක් තිබියදීයි මෙම ප්‍රහාරය එල්ල වූයේ.

තහනමට ලක් වී තිබෙන මුස්ලිම් සහෝදරත්වය මෙම ප්‍රහාරය පසුපස සිටින බවට චෝදනා එල්ල වෙතත් ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු භාර ගෙන නැත.

මුස්ලිම් සහෝදරත්වය බලයෙන් පහ කිරීම සඳහා ඊජිප්තු හමුදාව සහාය දුන් බවට චෝදනා එල්ල වී තිබේ.