ක්‍රිෂ් ගනුදෙනුව: නාමල් රාජපක්ෂ සහ ජානකී සිරිවර්ධන ගැන තවත් නියෝගයක්

ඡායාරූප මූලාශ්‍රය, Getty Images | Facebook
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 2
ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් මස 01 වන දා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (නොවැ: 20) අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසමට නියම කළේ ය.
සැකකාර නාමල් රාජපක්ෂ දෙසැම්බර් 01 වන දා වනවිට බන්ධනාගාරයේ සිටියහොත්, එදින ඔහු අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේ ය.
මේ අතර, මහේස්ත්‍රාත්වරයා නියම කළේ, මෙම නඩුවට අදාළ තවත් සැකකාරියක වන ජානකී සිරිවර්ධන තවදුරටත් දෙසැම්බර් 01 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස ය.
රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අද පෙරවරුවේ රැගෙන ආවේ ය.
ක්‍රිෂ් ගනුදෙනුවට සම්බන්ධ නඩුකරය අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවිණි.





























