දීපිකා පදුකොනේගේ ඡායාරූපය ගැන මතභේදයක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
බොලිවුඩ් නිළි දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැස පෙනෙන පරිදි ගත් ඡායාරූපයක් ප්‍රසිද්ධ ඉන්දීය පුවත්පතක් විසින් පළ කිරීමත් සමග ඊට සිනමා නළු නිළියෝ එක්ව කෝපය ප්‍රකාශ කරති.
පසුගිය වසරේ ගෙන ඇති ඉහත කී ඡායාරූපය ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත විසින් ඔවුන්ගේ ට්වීටර් පිටුවේ පළ කර ඇති අතර එහි සිරස්තලය වී ඇත්තේ ‘දෙවියනේ: දීපිකා පදුකොනේගේ පියයුරු අතර හිදැසේ දර්ශන’ යන අරුත දෙන වැකියකි.
කෝපයට පත් සිනමා නිළිය දීපිකා පදුකොනේ ඊට ප්‍රතිචාර දක්වමින් ඇයගේ ට්වීටර් පිටුවේ පළ කර ඇත්තේ ‘ඔව්! මම ගැහැණියක්. මට පියයුරු තියනවා. ඒ වගේම පියයුරු අතර හිදැසකුත් තියනවා! එක ඔබට ප්‍රශ්නයක්ද?’ යන්නයි.
පසුව ටයිම්ස් ඔෆ් ඉන්ඩියා පුවත්පත ට්වීටර් පිටුවේ පළ වූ එම ඡායාරූපය ඉවත් කිරීමට කටයුතු කර තිබේ.
























