ඉන්දියානු තරුණියන්ට නිදහසේ ඇවිදින්නවත් බැහැ

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
බ්‍රහස්පතින්දා ඊසාන දිග ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ දී ගැහැණු ළමුන් දෙදෙනෙකු ගේ සිරුරු ගසක එල්ලෙමින් තිබිය දී සොයා ගනු ලැබීම පිළිබඳ ව ඉන්දියානු පොලීසිය පරීක්ෂණ පවත්වයි.
මෙම ගැහැණු ළමුන් දුෂණය කොට මරා දමන ලද්දේ යැයි සැක කෙරෙන බවයි පැවසෙන්නේ.
බදාදා රාත්‍රියේ සිට අතුරුදහන් ව සිටි වයස අවුරුදු දහසයක් වන මෙම සමීප මිතුරියන් දෙදෙනා ඇවිදීමට ගිය පසුවයි මෙලෙස මරා දමනු ලැබ ඇත්තේ.
බංග්ලාදේශ සීමාවට නුදුරු ඔවුන්ගේ ගම්මානයේ දීම සිරුරු හමුවී ඇති අතර පොලිස් නිලධාරියෙකු පැවසුවේ ඔවුන් දුෂණයට ලක්වී ඇතිදැයි මරණ පරීක්ෂණයේ දී හෙළි වනු ඇති බවයි.
පසු ගිය මැයි මාසයේ දී මේ ආකාරයට ම මරා දැමුණු තරුණ ඥාති සොහොයුරියන් දෙදෙනෙකුගේ සිරුරු ගසක එල්ලෙමින් තිබිය දී සොයා ගනු ලැබුණේ ද ඉන්දියාවෙනි.
























