හතලිස් ගණනකට වැඩි තල්මසුන් ගේ පොසිල චිලී රටෙන්

පොසිල හමු වූ ඇටකාමා වනාන්තරය

ඡායාරූප මූලාශ්‍රය, smithsonian

ඡායාරූප ශීර්ෂ වැකිය, පොසිල හමු වූ ඇටකාමා වනාන්තරය
Published

හතලිස් ගණනකට වැඩි තල්මසුන් ගේ පොසිල තැන්පත් ව ඇති ස්ථානයක් චිලී රටෙන් සොයා ගෙන තිබේ.

මේ අසාමාන්‍ය පොසිල හමුවීම ට හේතු සාධක අනාවරණය කර ගැනීමට හැකි වනු ඇතැයි විද්‍යාඥයෝ පවසති.

මෙම පොසිල හමු වී ඇත්තේ රට අභ්‍යන්තරයේ පිහිටි ඇටකාමා වනාන්තරයේ තිබිය දීයි.

මීට වසර පනස් ලක්ෂයකට ඉහත දී එම තල්මසුන් ඇතැම් විට විෂ සහිත ශාක වලින් පිට කෙරෙන දිලීරයක් ශරීර ගත වීම හේතුවෙන් රංචු පිටින් මිය යන්නන්ට ඇති බවයි විද්‍යාඥයන් පවසන්නේ.

ඉදිකිරීම් කම්කරුවන් විසින් මීට වසර තුනකට පෙර මාර්ගයක් පුළුල් කිරීමේ යෙදී සිටිය දී එම පොසිල මුලින් ම සොයා ගෙන තිබේ.

මෙම පොසිල හමු වූ ස්ථානය අසල පිහිටි ඉඩම්වල දස දහස් ගණන් ක්ෂීරපායී සතුන්ගේ ඇටකටු තිබිය හැකි බවයි විද්‍යාඥයන් විශ්වාස කරන්නේ.