මොර්සිට එරෙහි නඩුව කල් දමයි

මොර්සි බලයෙන් පහ කරනු ලැබුවේ ඊජිප්තු හමුදාව විසිනි
ඡායාරූප ශීර්ෂ වැකිය, මොර්සි බලයෙන් පහ කරනු ලැබුවේ ඊජිප්තු හමුදාව විසිනි
Published

ඊජිප්තුවේ හිටපු ජනාධිපති මොහමඩ් මොර්සිට එරෙහි නඩු විභාගය කල් දමා තිබේ.

හිටපු ජනාධිපතිවරයා හෙලිකොප්ටරයෙන් උසාවිය කරා ගෙන ඒමට පවතින කාලගුණ තත්වය නුසුදුසු බවයි විනිශ්චයකාරවරයා ප්‍රකාශ කර ඇත්තේ.

වසර 2012 දී උද්ඝෝෂකයන් මරා දැමීමට උල්පන්දම් දුන් බවට මොහමඩ් මොර්සිට සහ ඔහුගේ ආධාරකරුවන් කිහිප දෙනෙකුට චෝදනා එල්ල විය.

හිටපු ජනාධිපති මොර්සි බලයෙන් පහ කරනු ලැබුවේ ඊජිප්තු හමුදාව විසිනි.