සිරියානු යුද අනාථයන් ඊජිප්තු ග්‍රහණයේ -ඇම්නෙස්ටි

Syrian refugees in a police station in Egypt
Published

සිරියානු යුද අනාථයන් සිය ගණනක් ඉතා ඛේදනීය තත්වයන් යටතේ ඊජිප්තු බලධාරීන් ගේ ග්‍රහණයේ පසු වන බව ඇම්නෙස්ටි ජාත්‍යන්තරය පවසයි.

ඇතැම් සරණාගතයන් ආහාර සහ වෛද්‍ය පහසුකම් රහිත ව ඊජිප්තුවේ පොලිස් ස්ථානවල රඳවා සිටින බවයි මෙම මානව හිමිකම් සංවිධානය පවසන්නේ.

නමුත් නම හෙළි කිරීමට අකමැති වූ මේ සිරියානු ජාතිකයකු බීබීසියට කියා සිටියේ මෙසේ සිර කර ඇත්තේ දේශපාලන කටයුතු වල නිරත වන පිරිස් බවයි.

ඇම්නෙස්ටි ජාත්‍යන්තරය එල්ල කරන චෝදනා සම්බන්ධයෙන් ඊජිප්තුව මෙතෙක් ප්‍රතිචාර දක්වා නැත.