කාන්තා මුහුණු වැස්මට ලන්ඩන් උසාවියේ අවසර නැහැ

Published
නඩු විභාගයකට සහභාගී වෙමින් සිටි මුස්ලිම් කාන්තාවක ඇමතූ ලන්ඩන් නගරයේ උසාවියක විනිශ්චයකාරවරයෙක්,එම කාන්තාවගේ ‘නිකාබ්’(niqab) මුහුණු වැස්ම ඉවත් කරන මෙන් නියෝග කළේය.
විසි දෙහැවිරිදි මුස්ලිම් කාන්තාව උසාවියට ඉදිරිපත් කරනු ලැබ සිටියේ බිය ගැන්වීමක් සිදු කිරීම සම්බන්ධයෙන්.
‘නිකාබ්’ මුහුණු වැස්ම ඉවත් කරනු ලැබීම ඇයගේ මානව හිමිකමක් උල්ලංඝනය කිරීමක් වන බවට ඇගේ නීතිවේදියා තර්ක කරනු ලැබීමෙන් අනතුරුව,පොලිස් කාන්තාවක් විසින් පෞද්ගලික මට්ටමින් මුස්ලිම් කාන්තාවගේ අනන්‍යතාවය සහතික කර ගනු ලැබ තිබුණි.
එහෙත් විනිසකරුගේ තීරණය වුනේ, කාන්තාවගේ මුහුණේ ඉරියව් තක්සේරු කිරීම සඳහා අධිකරණයට ඇගේ මුහුණ විවෘත විය යුතු බවයි.
























