ඕස්ට්‍රේලියාවේ ළමා අපචාර පැමිණිලි හාර දහසක්

Published
ඕස්ට්‍රේලියාවේ සිදුවී ඇතැයි පැවසෙන ළමා ලිංගික අපචාර සම්බන්ධයෙන් ජාතික මට්ටමේ නඩු විභාගයක් ආරම්භ විය.
ළමා අපචාර වලට ගොදුරු කර ගනු ලැබුණ හාරදහසකට අධික පිරිසක් ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කර ඇති බව ඕස්ට්‍රේලියානු බලධාරීහු පවසති.
ආගමික කණ්ඩායම්, රාජ්‍ය නොවන සංවිධාන සහ ළමා ආරක්ෂණය සඳහා පත් කර ඇති රජයේ ඇතැම් නිලධාරීන්ට එරෙහිවයි ළමා අපචාර චෝදනා ඉදිරිපත් ව තිබෙන්නේ.
ඕස්ට්‍රේලියානු බලධාරීන් මෙවැනි පියවරක් ගත්තේ ඇතැම් කතෝලික පූජකවරුන්ට එරෙහිව ද ළමා අපචාර සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් ව තිබිය දීයි .
























