හමුදා අනතුරු ඇඟවීම් නොතකා ඊජිප්තු ජනයා වීදියේ

දවස තිස්සේ යුද හමුදාව දේශපාලන හා ආගමික නායකයන් සමගින් ගැඹුරු සාකච්ඡා පවත්වා තිබේ
ඡායාරූප ශීර්ෂ වැකිය, දවස තිස්සේ යුද හමුදාව දේශපාලන හා ආගමික නායකයන් සමගින් ගැඹුරු සාකච්ඡා පවත්වා තිබේ
Published

වර්තමාන දේශපාලන අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් සොයා ගැනීම සඳහා ඊජිප්තු ජනාධිපති මොහොමඩ් මොර්සි ටත් විපක්ෂයටත් යුද හමුදාව විසින් නියම කොට තිබූ කාලය හමාර විය.

ජනාධිපති වරයාගේ ආධාර කරුවන් මෙන්ම විරුද්ධවාදීන් ද දහස් ගණනින් රැස් වන විරෝධතා කයිරෝවේත් වෙනත් තැන්වලත් පවත්වා තිබේ.

රට පෙරට යා යුතු ආකාරය පිළිබඳව තමන් විශ්වාස කරන ආකාරය දැක්වෙන නිවේදනයක් ප්‍රකාශයට පත් කරන බවට යුද හමුදාව පොරොන්දු විය.

හමුදා ආරංචි මාර්ග වලින් කියවෙන පරිදි ඔවුන්ගේ අපේක්ෂාව නව ව්‍යවස්ථාවක් සැකසීම අධීක්ෂණය කිරීමට ජනාධිපති කොමිසමක් පිහිටුවීමයි.

දවස තිස්සේ යුද හමුදාව දේශපාලන හා ආගමික නායකයන් සමගින් ගැඹුරු සාකච්ඡා පවත්වා තිබේ.

තමන් ඉල්ලා අස් වන්නේ නැති බවට දැඩි ස්වරයෙන් යුත් කතාවක් පැවැත්වූ ජනාධිපති මොර්සි, ඉකුත්දා රාත්‍රියේ යුද හමුදාවට කියා සිටියේ කාල නියමය ඉවත් කර ගන්නා ලෙසයි.

ගැටුම් වලින් රාත්‍රියේ මියගිය පිරිස අඩුම වශයෙන් දහසයක්.