කාශ්මීර් ප්‍රහාරයකින් ඉන්දීය හමුදා භටයන් තුනක් මරුට

ඡායාරූප මූලාශ්‍රය, EPA
Published
කැරලිකරුවන් යයි සැක කෙරෙන කණ්ඩායමක් රැකසිට ඉන්දියානු යුද හමුදා රථපෙළක් ඉලක්ක කර ගනිමින් එල්ල කරන ලද ප්‍රහාරයකින් සිය සොල්දාදුවන් තුන්දෙනෙකු සහ කාන්තාවක් මරුමුවට පත්වූ බව ඉන්දීය කාශ්මීරයේ පොලිසිය පවසයි.
දකුණු කාශ්මීරයේ ශෝපියාන්(Shopian) ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුමක් සිදුකොට යළි කඳවුරට ගමන් ගනිමින් සිටි හමුදා භටයන්ට අත්බෝම්බ දමා ගසමින් වෙඩිතබා ඇති බව කාශ්මීර් නිලධාරියෙක් පවසයි.
එම ප්‍රහාරයේ දී මරණයට පත්වූවන් හැරුනවිට තවත් හමුදා භටයන් පස් දෙනෙකුට තුවාල සිදුවිය.
කාන්තාව මරණයට පත්ව ඇත්තේ දෙපාර්ශවය අතර සිදු වූ වෙඩි හුවමාරුවට ගොදුරුවීමෙන් බව ඉන්දු කාශ්මීරයේ නිලධාරීහු පවසති.























