මත්ද්‍රව්‍යවලට පෙර පොලිසියට ‘සුද්දයක්’

"මත්ද්‍රව්‍ය වලට එරෙහි සටනට පෙර පොලිසිය සුද්ද කළ යුතුයි"

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published

මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව ගෙනගිය දැඩි මර්දනකාරී පිළිවෙත තාවකාලිකව නවතාලීමට පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතාර්තේ පියවර ගෙන ඇත.

ඔහු පවසන්නේ පොලිස් දෙපාර්තමේන්තුව තුළ සිදුවන වංචා දූෂණ කෙරෙහි අවධානය යොමු කිරීමට තීරණය කළ බවය.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ පසුගිය ඔක්තෝබර් මාසයේ මැනිලා නුවර පොලිස් මූලස්ථානය තුළ රඳවා සිටියදී දකුණු කොරියානු ව්‍යාපාරිකයකු ඝාතනයට ලක්වීම සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වමිනි.

මත්ද්‍රව්‍යවලට එරෙහි සටන නැවත ආරම්භ කිරීමට පෙර පොලිස් දෙපාර්තමේන්තුව වංචා දූෂණවලින් තොර අවංක සේවයක් බවට පත් කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති දුතාර්තේ වැඩි දුරටත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට එරෙහි ගෙනයන දැඩි මර්දනකාරී වැඩපිළිවෙලේ අංගයක් වශයෙන් පිලිපීනයේ පොලිස් නිලධාරින් මිනිස් ඝාතනවල යෙදෙන බවට මානව හිමිකම් සංවිධාන කලක සිට චෝදනා නගති.