රුසියානු යානය කඩා වැටුනේ "කාර්මික දෝෂයකින්"

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
රුසියානු ගුවන් යානය අනතුරට පත්වීමට හේතුව කාර්මික දෝෂයක් හෝ නියමුවාගේ අත්වැරැද්දක් විය හැකි බව රුසියානු බලධාරීහු පවසති.
රුසියාවේ ප්‍රවාහන අමාත්‍ය මක්සිම් සොකොලොෆ් මාධ්‍ය හමුවක දී කියා සිටියේ තවමත් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතින අතර ලබන මාසයේ මූලික නිගමනවලට එළඹීය හැකි බවය.

ඡායාරූප මූලාශ්‍රය, AFP
කෙසේ නමුත් මෙම ගුවන් යානයට ප්‍රහාරයක් එල්ල වී නොමැති බව සනාථ කරමින් මෙතෙක් රුසියානු බලධාරීන් විසින් ස්ථිර වශයෙන් කිසිවක් ප්‍රකාශ කරනු ලැබ නැත.
පසුගිය නත්තල් දිනයේදී කළු මුහුදට කඩා වැටුණු මෙම යානයේ සිටි අනූ දෙදෙනාම මරණයට පත් විය.























