තාජුදින් මරණය දේශපාලනීකරණය කිරීමක් - මහින්ද

‘හරියටම මැතිවරණ කාලයේ මේක ඉදිරිපත් කරලා පුවත්පත්වලින් දක්වපු උනන්දුව පෙනෙන කොට මේක දේශපාලනීකරණය කිරීමක් වශයෙන් මම දකිනවා’

ඡායාරූප මූලාශ්‍රය, STR AFP Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, ‘හරියටම මැතිවරණ කාලයේ මේක ඉදිරිපත් කරලා පුවත්පත්වලින් දක්වපු උනන්දුව පෙනෙන කොට මේක දේශපාලනීකරණය කිරීමක් වශයෙන් මම දකිනවා’
Published

රගර් ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මරණයට තම පුතු යෝෂිත රාජපක්ෂ සම්බන්ධ බවට එල්ල වන චෝදනා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රතික්ෂේප කරයි.

තාජුදින්ගේ මරණය සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වා ජනතාව වෙත සත්‍ය තොරතුරු ලබා දිය යුතු බව හිටපු ජනපතිවරයා කියා සිටියේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්.

‘හරියටම මැතිවරණ කාලයේ මේක ඉදිරිපත් කරලා පුවත්පත්වලින් දක්වපු උනන්දුව පෙනෙන කොට මේක දේශපාලනීකරණය කිරීමක් වශයෙන් මම දකිනවා’ හිටපු ජනපතිවරයා පැවසීය.

රගර් ක්‍රීඩක වසීම් තාජුදින්ගේ මෘත ශරීරය වැඩිදුර විමර්ශන සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෛද්‍ය නිලධාරීවරයා ඉදිරිපිටදී සඳුදා ගොඩ ගැනීමට නියමිතයි.

අපි ගෙදර ගිහිල්ල එයාගේ අම්මල, සහෝදරයොත් එක්ක එකට ජීවත් වුනා. කාල බීල හිටියා - නාමල් රාජපක්ෂ
ඡායාරූප ශීර්ෂ වැකිය, අපි ගෙදර ගිහිල්ල එයාගේ අම්මල, සහෝදරයොත් එක්ක එකට ජීවත් වුනා. කාල බීල හිටියා - නාමල් රාජපක්ෂ

මේ අතර වසීම් තාජුදින් ඝාතනයට සිය පවුලේ සම්බන්ධයක් තිබෙන බවට එල්ල වන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බව හම්බන්තොට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මීට ඉහතදී පැවසීය.

හිටපු මන්ත්‍රීවරයා හම්බන්තොට දී බීබීසී යේ කොළඹ වාර්තාකරු අසාම් අමීන් සමඟ කියා සිටියේ ඔහු සිය ඔහු පවුලේ සමීප මිත්‍රයකු බවයි.