මහින්දට සන්ධානයෙන් නාමයෝජනා: ප්‍රේම්ජයන්ත්

සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කළ පරිදි හිටපු ජනපතිවරයාට නාමයෝජනා ලබාදීමට තීරණය කෙරුණු බව නිවේදනයේ දැක්වේ
ඡායාරූප ශීර්ෂ වැකිය, සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී සාකච්ඡාවට භාජනය කළ පරිදි හිටපු ජනපතිවරයාට නාමයෝජනා ලබාදීමට තීරණය කෙරුණු බව නිවේදනයේ දැක්වේ
Published

මහ මැතිවරණයට තරඟ වැදීම පිණිස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ට නාමයෝජනා ලබා දෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම්වරයා පවසයි.

සන්ධානයේ මහ ලේකම් සුසිල් ප්‍රේම්ජයන්ත් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කරමින් මින් මොහොතකට පෙර නිවේදනයක් නිකුත් කොට තිබුණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගේ ප්‍රධානත්වයෙන් බ්‍රහස්පතින්දා පැවැත්වුණු සන්ධාන පක්ෂ නායකයන්ගේ රැස්වීමේදී "සාකච්ඡාවට භාජනය කළ පරිදි," හිටපු ජනපතිවරයාට නාමයෝජනා ලබාදීමට තීරණය කෙරුණු බවයි නිවේදනයේ සඳහන් වෙන්නේ.

හිටපු ජනපතිවරයා නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි
ඡායාරූප ශීර්ෂ වැකිය, හිටපු ජනපතිවරයා නාරාහේන්පිට අභයාරාමයේදී මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතයි

"ඒ අනුව ඉදිරි දින කීපය තුළ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නාමයෝජනා සකස් වනු ඇත," යනුවෙන්ද නිවේදනයේ සඳහන්.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මේ පිළිබඳව ඉක්මනින්ම විශේෂ ප්‍රකාශයක් කරනු ඇති බව විශ්වාස කෙරේ.