සරත් ෆොන්සේකා සියලු චෝදනා වලින් නිදහස්

Published

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකාට එරෙහිව තිබු සියලු චෝදනා වලින් නිදහස් කොට පොදු සමාවක් ලබා දුන් බව ජනාධිපති ලේකම් කාර්යාලය නිවේදනය කරයි.

මේ අනුව අද සිට හිටපු යුද හමුදාපති සරත් ෆොන්සේකා, පූර්ණ ජෙනරාල් ධූරයට යළි පත් කෙරෙන අතර සියලු පදක්කම් හා නම්බුනාමද ඔහුට හිමි වෙයි.