සනත් ජයසූරියත් මෛත්‍රීට

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
අභිනව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට සහාය පළ කිරීම සඳහා මෛත්‍රී පිළට එක් වන බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය පවසයි.
මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිකට් තේරීම් භාර කමිටුවේ සභාපති හිටපු තැපැල් නියෝජ්‍ය අමාත්‍ය සනත් ජයසූරිය ඒ බව කියා සිටියේ බීබීසීයට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්.
මෙවර ජනාධිපතිවරණයේ මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලදී සනත් ජයසූරිය හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයාගේ සහාය හිමි වූයේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂටයි.
























