ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ජනාධිපතිවරයා වෙත

ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස්

ඡායාරූප මූලාශ්‍රය, SV Gunewardena

ඡායාරූප ශීර්ෂ වැකිය, ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ අගවිනිසුරු මොහාන් පීරිස්
Published

ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරටත් ජනපති ධුරය සඳහා තරඟ කළ හැකිද යන්න පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව සඳුදා සවස ජනාධිපතිවරයා වෙත භාර දී ඇති බව අධිකරණ ආරංචි මාර්ග පවසයි.

දෙවතාවක් ජනාධිපති ධුරය හොබවා ඇති හෙයින් තෙවන වරටත් එම ධුරය සඳහා තරඟ කළ හැකි දැයි පසුගිය සතියේදී ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විමසා සිටියේය.

දස පුද්ගල විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව ගනු ලැබූ තීන්දුව ප්‍රකාශයට පත් වන දිනය මේ වන තුරු අනාවරණය වී නොමැත.

ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් කළ ඉල්ලීමට අදාලව කරුණු දැක්වීම සඳහා කල් ලබා දෙන මෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

ඒ සඳහා අවස්ථාව නොලැබීම සම්බන්ධයෙන් විධායක කමිටුව සමඟ සාකච්ඡා කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ලේකම් අජිත් පතිරණ සංදේශයට පැවසුවේය.