'ඔබ නැතුව ඔබ එක්ක' ලන්ඩනයේ

ඡායාරූප මූලාශ්‍රය, With you without you

Published

සිංහල, දෙමළ රහසිගත ආදර අන්දරයක් පසුබිම කර ගත් ප්‍රසන්න විතානගේ සිනමා නිර්මාණය ‘ඔබ නැතුව ඔබ එක්ක’ නැරඹීම සඳහා ශ්‍රී ලාංකිකයෝ විශාල පිරිසක් ලන්ඩනයේ සිනමාහලකට රැස්ව සිටියහ.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තය තුළ මෙම චිත්‍රපටය ප්‍රදර්ශනය කිරීම තහනම් කෙරණද සිංහල, දෙමළ, මුස්ලිම් ජාති භේදයකින් තොරව ලාංකිකයෝ චිත්‍රපටය නැරඹීම සඳහා ලන්ඩනයේ රැස්ව සිටි බව එහි ගිය සිතුම් ප්‍රනාන්දු බීබීසී සංදේශයට කියා සිටියාය.

'ඔබ නැතුව ඔබ එක්ක' ලන්ඩනයේ ප්‍රදර්ශනය සංවිධානය කොට තිබුණේ අගෝරා කලා කවය විසින්.

ඉන්දීය රංගන ශිල්පිනියක් වන අංජලී පාටීල් සහ ශ්‍රී ලාංකික රංගන ශිල්පියකු වන ශාම් ප්‍රනාන්දු 'ඔබ නැතුව ඔබ එක්ක' චිත්‍රපටයේ ප්‍රධාන චරිතවලට පණ පොවති.

ඒ සඳහා අංජලී පාටීල් ඉන්දීය ජාත්‍යන්තර සිනමා උළෙලේ හොදම රංගන ශිල්පිනියට හිමි සම්මානය වූ රාජිත මයුර සම්මානයෙන් පිදුම් ලැබුවාය.