මහ ඇමති විග්නේශ්වරන් රෝහල්ගත කෙරෙයි

Published

උතුරු පළාතේ මහ ඇමති සී.වී. විග්නේශ්වරන් අද උදෑසන රෝහල්ගත කෙරුණ බව වාර්තා වෙයි.

දෙමළ ජාතික සන්ධානය පවසන ආකාරයට මහ ඇමතිවරයා යාපනය මූලික රෝහලට ඇතුළත් කර තිබෙන්නේ හෘදයාබාධයක් හේතුවෙන්.

මහ ඇමතිවරයා සිය හෘද චිකිත්සක ප්‍රතිකාර සඳහා රෝහලට ගොස් ඇති අතර, ඔහු තරමක් අයහපත් තත්වයක වූ හෙයිනුයි, රෝහලට ඇතුළත් කරනු ලැබ තිබෙන්නේ.