පාලමක් පිළිසකර කිරීමට ආණ්ඩුව වෙනුවට පොලීසිය

Protest in Bowatta
ඡායාරූප ශීර්ෂ වැකිය, ටයර් පුළුස්සමින් ප්‍රදේශවාසීන් උද්ඝෝෂණයේ නිරතව සිටි නමුත්, බලධාරීන් එම ස්ථානයට පැමිණ නැහැ
Published

පසුගිය දෙසැම්බර් 18 වැනිදා දැදුරු ඔය පිටාර ගැලීම හේතුවෙන් විනාශ වූ නිවාස සහ මංමාවත් වහං පිළිසකර කර දෙන බවට පොරොන්දු වූ බලධාරීන් එම පොරොන්දු කිසිවක් ඉටු කිරීමට අපොහොසත් වී ඇතැයි පුත්තලම සහ කුරුණෑගල ප්‍රදේශවාසීහු චෝදනා කරති.

විශේෂයෙන්ම කොලමුනුවේ පාලම කඩා වැටීම නිසා සුළු ගංවතුර තත්ත්වයකදී පවා ගැටුළාව, වීරපොකුණ ඇතුළු ගම්වාසීන් රැසක් පීඩාවට පත්වන බව ඔවුහු පවසති.

අලුතින්ම නිමවා මාස තුනකින් කැඩී ගිය පාලම යලි පිළිසකර නොකිරීමට විරෝධය පාමින් කුරුණෑගල, බිංගිරිය බෝවත්තේ වැසියෝ උද්ඝෝෂණයක නිරතව සිටියහ.

ප්‍රදේශවාසීහු බෝවත්ත කැකුලාව මාර්ගය වසා දමා මහා මාර්ගයේ ටයර් පුළුස්සමින් උද්ඝෝෂණයේ නිරතව සිටි නමුත්, කිසිදු බලධාරියකු එම ස්ථානයට නොපැමිණි බවයි, ප්‍රසාද් පූර්ණිමාල් ජයමාන්න වාර්තා කරන්නේ.

පාලම අලුත්වැඩියා කිරීමට බලධාරීන් පියවර නොගන්නේ නම්, ප්‍රජා පොලිස් ඒකකය මගින් තමන් හෝ එය පිළිසකර කර දෙන බවට කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී පියසිරි ප්‍රනාන්දු පොරොන්දු වීමෙන් අනතුරුව උද්ඝෝෂකයෝ විසිර ගියහ.