විනිශ්චයකාර වරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් හොයා බැලීමට නීතිඥය සංගමයේ කමිටුවක්

courts
Published

මොහාන් පීරිස් අග විනිසුරු ධුරයට පත්වීමෙන් අනතුරුව සිදුකල මහේස්ත්‍රාත් වරුන් ඇතූළු සෙසු විනිසුරු වරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් හොයා බැලීම සඳහා කමිටුවක් පත් කොට ඇති බව ශ්‍රී ලංකා නීතිඥය සංගමයේ සභාපති උපුල් ජයසූරිය ප්‍රකාශ කළේය.

නව අග විනිසුරු වරයා විසින් ස්ථාන මාරු හැටක් පමණ සිදුකොට ඇති අතර මෙහිදී විධිමත් ක්‍රම වේදයක් අනුගමනය කොට නැති බවට‍ මත වාදයක් ගොඩ නැගී ඇතැයි උපුල් ජයසූරිය කියා සිටියේය.

විනිශ්චයකාර වරුන්ගේ ස්ථාන මාරු සම්බන්ධයෙන් බලපෑම් කිරීමට ශ්‍රී ලංකා නීතිඥය සංගමයට අයිතියක් ඇත්දැයි විමසු විට සංගමයේ සභාපති උපුල් ජයසූරිය කියා සිටියේ කමිටුවේ වාර්තාව ලබා ගැනීමෙන් අනතුරුව අනුගමනය කරන ක්‍රියා මාර්ගය තීරණය කරන බවයි.