BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
උද්ධමනය 9%ට ළඟා විය හැකි බවට අනාවැකි: මහ බැංකුව පොළී අනුපාත ඉහළ දැමුවේ ඇයි?
"0.25%ක පොලී ප්‍රතිශත වැඩිවීමකින් සාමාන්‍ය ණය ගන්නා අයෙකුගේ තීරණය වෙනස් වෙන්නේ නැහැ. උදාහරණයක් විදිහට 11%ට තිබූ ණය අනුපාතය 11.25% වුණාට ණය ගැනීම නතර වන්නේ නැහැ. මහ බැංකුව මේ පියවර අරන් තියෙන්නේ කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැයි කියලා එල්ල වන දෝෂාරෝපණවලින් ගැලවෙන්න වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉදිරි ණය වාරිකය ලබා ගැනීමට අවශ්‍ය පූර්ව කොන්දේසි සම්පූර්ණ කිරීම සඳහායි."
ඔබේ දරුවා ඔබට බොරු කියනවා ද? එය නරක දෙයක් නොවිය හැකි බව ඔබ දැනසිටියා ද?
බිත්තියේ චිත්‍රයක් ඇඳ තිබෙන විට හෝ ටින් එකෙන් බිස්කට් අතුරුදන් වන විට, ඔබේ දරුවා ඒ ගැන සුරතල් බල්ලාට දොස් පැවරිය හැක. එසේ නැතහොත් අවතාරයක් සිටි බව පැවසිය හැක. ඔවුන් පාට කූරු අතේ තබාගෙන හෝ බිස්කට් කුඩු ඇඟිලිවල තවරාගෙන සිටියදී පවා එවැනි බොරු පැවසිය හැකි ය. දරුවන් බොරු පැවසීම බොහෝ මව්පියන් අත්විඳින දෙයක් වන නමුත් බොරු කීම සහ මුලා කිරීම මානසික වර්ධනයේ වැදගත් අංගයකි.
වීඩියෝ, 'අපේ දරුවෝ පාසලේ ඉගෙන ගන්න අතරේ පාසලේ ඉඳන් අපි ඇඳුම් මහලා සල්ලි හොයනවා', ධාවන කාලය 4,22
පාසලට දරුවන් රැගෙන එන මව්වරුන් පාසල අවසන් වන තෙක් නිකරුණේ කාලය ගත කිරීම වෙනුවට ඔවුන්ට මුදල් උපයා ගැනීම සඳහා ක්‍රමවේදයක් පොළොන්නරුව, අභයපුර මහා විද්‍යාලයේ විදුහල්පතිවරයා ආරම්භ කර තිබේ.
ඉස්ලාම් ආගම වෙනුවෙන් සැකසූ AI යෙදුමක් ගැන මුස්ලිම් සමාජය බෙදී සිටින්නේ ඇයි?
ආගමික කාරණා සම්බන්ධයෙන් තීරණ ගැනීමට කෘත්‍රිම බුද්ධිය (AI) යොදා ගැනීම පිළිබඳ විවාදයක් සමාජ මාධ්‍ය තුළ පැතිර යමින් පවතින අතරතුර ඉස්ලාම් දහම පිළිබඳව "ඉගෙන ගැනීමටත්, ඒ ගැන ගැඹුරින් සිතා බැලීමටත්, ප්‍රශ්න ඇසීමටත් මුස්ලිම්වරුන්ට සහය වීම" සඳහා නිර්මාණය කර ඇති 'Qaf' නම් AI සහායකයා හඳුන්වා දෙන වීඩියෝව දැනටමත් මිලියන ගණනක් නරඹා ඇත.
රාජකීය නාවික පුහුණුව: යෝෂිත සහ වසන්ත තමන් නිවැරදි බව අධිකරණය හමුවේ කියති; අද සිදුවූයේ කුමක් ද?
අල්ලස් කොමිසම ඉදිරිපත් කර ඇති දූෂණ චෝදනාවලට තමන් නිවැරදිකරුවන් බව යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අද (නොවැ: 23) කොළඹ මහාධිකරණය හමුවේ ප්‍රකාශ කළහ. ඔවුන්ට එරෙහිව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිෂන් සභාව ගොනු කර තිබෙන නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු රවීන්ද්‍ර ප්‍රේමරත්න ඉදිරියේ කැඳවිණි.
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
පොලිස් නිල ඇඳුම වෙනස් වෙන්නේ කොහොම ද?: 'යුනිෆෝම් එකක් වෙනස් කළා කියලා පොලිසිය වෙනස් වෙන්නෙ ම නැහැ නේ'
ශ්‍රී ලංකා පොලිසියේ නිල ඇඳුම වෙනස් කිරීම සඳහා සැලසුම් කර ඇති බවට පසුගිය දා පාර්ලිමේන්තුවේදී අයවැය යෝජනා ඉදිරපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළේ ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකාවේ දේශගුණයට ගැලපෙන සහ නවීන තාක්ෂණික අංගයන්ගෙන් මෙම නිල ඇඳුම සකස් කරන බව ඔහු පැවසීය.
PSTA පනත් කෙටුම්පත: විධායක බලය සීමා කරමින් අධිකරණයට මැදිහත් විය හැකි අවස්ථා මොනවා ද?
රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබ තිබෙන 'ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත' තුළින් අධිකරණය සතු බලය, විධායකය අත්පත් කරගෙන තිබෙන බවට, එම පනත් කෙටුම්පත අභියෝගයට ලක් කරමින් පෙත්සම් ගොනු කළ නීතිඥවරුන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ බරපතළ චෝදනාවක් එල්ල කර තිබිණි. තීන්දුවේ සඳහන් වන ආකාරයට අදාළ පනත ක්‍රියාත්මක වන විට අධිකරණයකට ඊට මැදිහත් විය හැක්කේ කුමන අවස්ථාවල ද? බීබීසී සිංහල මේ පිළිබඳව සොයා බැලීමක් කළේ ය.
IMF ණයෙන් පසු ශ්‍රී ලංකාව: වසර තුනකින් මොක ද වුණේ? ඉදිරිය කුමක් ද?
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය විසින් විස්තීර්ණ ණය පහසුකම යටතේ ශ්‍රී ලංකාව සඳහා ඇමෙරිකානු ඩොලර් බිලියන 3කට ආසන්න ණය මුදලක් අනුමත කරන ලද්දේ, 2023 මාර්තු 20 දා ය. වසර 4ක වැඩසටහනක් වන මෙය 2027 වසරේ මාර්තු මාසයේදී අවසන් වීමට නියමිත ය. එවකට රට මුහුණ පා සිටි උග්‍ර ආර්ථික අර්බුදයෙන් රට මුදා ගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එම ණය පහසුකම ප්රදානය කිරීමට එකඟ විය.
'අපේ අයවැය යෝජනා කඩදාසියට පමණක් සීමා වන්නේ නැහැ' - ජනපති
2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් අද සිදු කෙරිණි. මෙය ඔහුගේ නායකත්වයෙන් යුත් රජය ඉදිරිපත් කරන තෙවැනි අයවැයයි.
2027 අයවැයේ මුදල් බෙදී යන හැටි - රජයේ මුදල් වැඩිපුර ම වෙන් වී ඇති අමාත්‍යංශය කුමක් ද?
මෙවර විසර්ජන පනත් කෙටුම්පත අනුව, ජනාධිපති, අගමැති, මැතිවරණ කොමිසම, මානව හිමිකම් කොමිසම වැනි විශේෂ වැය ශීර්ෂ සහ අමාත්‍යංශවලට මුදල් බෙදී ගොස් ඇති ආකාරය සම්බන්ධයෙන් මෙම ලිපියෙන් සොයා බැලීමක් සිදු කර තිබේ.



















































