BBC News, සිංහල - ප්‍රධාන පුවත්
ප්‍රධාන පුවත
කුමාර ජයකොඩි දූෂණ චෝදනාව: 'මුදල් ගෙව්වා, කාපට් ඇතිරුවේ නෑ' - සාක්ෂිවලින් හෙළිවූ කරුණු
2014 වසරේ පෙබරවාරි මස 18 වන දා මීට අදාළ ගිවිසුම් අත්සන් කළ බවත්, එහිදී අත්තිකාරම් මුදල් වශයෙන් රුපියල් 8859708/-ක් අදාළ සමාගමට ගෙවූ බවත් සඳහන් කළ සාක්ෂිකාරිය, එහෙත් මෙම ක්‍රියාවලිය හරහා කාපට් ඇතිරීමක් සිදු නොවූ බව ප්‍රකාශ කළා ය.
හෝමූස් ගාස්තු අය කිරීමේ යෝජනාව හකුළා ගනී: ට්‍රම්ප් යුද උගුලක සිරවී සිටී ද?
ඇමෙරිකානු ජනාධිපතිවරයාගේ මෙම හදිසි ස්ථාවර වෙනස, මාස හතරකට වැඩි කාලයක් තිස්සේ ඇදී යන ගැටුමේ නවතම හැරවුම් ලක්ෂ්‍යය විය.
FIFA අවසන් පූර්ව වටයේදී ප්‍රබල ප්‍රංශ කණ්ඩායමට එරෙහි තරගය ස්පාඤ්ඤය පහසුවෙන් ජයග්‍රහණය කළේ කෙසේ ද?
'ලෙ බ්ලූ' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන ප්‍රංශ පාපන්දු කණ්ඩායම, ලෝක කුසලාන අවසන් පූර්ව තරගයට පිවිසියේ බොහෝ දෙනෙකු ඔවුන් ජයග්‍රහණය කරනු ඇති බවට වූ බලාපොරොත්තුවත් සමගයි. නමුත් බොහෝ දෙනෙක් ප්‍රංශය පරාජය කළ හැක්කේ කෙසේදැයි විමසමින් සිටියදී, ස්පාඤ්ඤය සෑම කෙනෙකුට ම ඔවුන් යුරෝපීය ශූරයන් යැයි මතක් කර දුන්නේ ය.
'මම බිහි කළ දරුවා මට ම හඳුනාගන්න බැරි වුණා': දරු ප්‍රසූතිය මගේ මතකය අහිමි කළ අයුරු
පූර්ව-එක්ලැම්ප්සියාව යනු ගර්භණී සමයේදී වර්ධනය වන තත්ත්වයක් වන අතර එය වැදෑමහ සම්බන්ධ ගැටලුවලින් ආරම්භ වේ. එය සිදුවන්නේ මන්දැයි වෛද්‍යවරුන් පූර්ණ වශයෙන් වටහාගෙන නැති නමුත් එය ඉතා බරපතළ විය හැකි අතර මොළය ඇතුළු ශරීරයේ බොහෝ අවයවවලට බලපායි.
කෝපය පාලනය කර ගත නොහැකි වීම රෝගයක් ද? අධික ලෙස තරහ යන්නේ නම් ඔබ කළ යුත්තේ කුමක් ද?
"සමහර පෞරුෂත්ව දුර්වලතා තියෙන අය ඉන්නවා ඒ අයගේ තරහ පාලනය කර ගන්න බැහැ. මේකට කියනවා සීමක්ත පෞරුෂත්ව ආබාධය කියලා කියනවා. ඒ අයගේ හැඟීම් පාලනය කර ගන්න බැහැ. දුක, සතුට, තරහ මේ සියලු හැඟීම් අස්ථාවර යි. මේවා සුළු මොහොතකින් වෙනස් වෙලා යනවා."
BBC News සිංහල දැන් WhatsApp ඔස්සේ
ඔබට ඩේටා ඉතුරු කර ගැනීමට අවශ්‍ය ද?
අවම ඩේටා ප්‍රමාණයකින් කියවිය හැකි අපගේ පෙළ පමණක් සහිත වෙබ් පිටුව කියවන්න
වෘත්තීය සහ දිවිමග
විශේෂාංග
ඔබත් මෙම AI කතුන්ට රැවටුණා ද? නව අධ්‍යයනයකින් හෙළිවූ කරුණු
මෙම අධ්‍යයනයේ හමුවූ සීමා ද වැදගත් සොයාගැනීමක් ලෙස සැලකිය හැකි බව පෙන්වා දෙන ඔහු ඊට හේතුව ලෙස එහි සඳහන් කර ඇත්තේ, මෙම ගිණුම් එක ම පුද්ගලයෙකු හෝ සංවිධානයක් සතු ද , ඒවා මෙහෙයවන්නේ කවුද, ඒවා පිටුපස ස්වයංක්‍රීය පද්ධති තිබෙන්නේ, සහ ඒවායෙන් ලැබෙන ආදායම අවසානයේ කා වෙත ගලා යන්නේ ද යන්න ෆේස්බුක්හි ප්‍රසිද්ධියේ පෙනෙන තොරතුරු පමණක් ඇසුරෙන් තහවුරු කළ නොහැකි වීම යන්න ය.
මරියසෙල් ගුණතිලක: අවුරුදු 7දී ගායන වේදිකාවට පා තබා 68දී ජීවිත වේදිකාවෙන් බැස ගිය 'කැන්ඩි ළමිස්සි'
සිංහල සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනෙකු පවසන ආකාරයට මරියසෙල් ගුණතිලකගේ හැරවුම් ලක්ෂය වූයේ, 'කැන්ඩි ළමිස්සි' ගීතය යි. 1977 වසරේදී පටිගත කරන ලද එම ගීතය ක්ෂණිකව අතිශයින් ජනප්‍රිය වූ අතර, මරියසෙල් ගුණතිලක සිංහල සංගීත ක්ෂේත්රයේ සලකුණක් තැබුවේ, එම ගීතය හරහා ය.
ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීම: මුදල් කාරක සභාවේ විමර්ශන වාර්තාවේ සඳහන් විශේෂ කරුණු 5ක්
රජයේ මුදල් කාරක සභාවට අනුව, මෙම වංචාව සිදු කර ඇත්තේ ඔස්ට්‍රේලියාවේ අදාළ මූල්‍ය ආයතනයෙන් ඒවා ඇති බවට පෙනෙන ව්‍යාජ විද්‍යුත් තැපැල් සන්නිවේදනයන් හරහා ය. වංචාකරුවන් සැබෑ ණයහිමියාගේ ලිපිනයට සමාන විද්‍යුත් තැපැල් ලිපින භාවිතාකර වෙනස් කළ බැංකු ගිණුම් විස්තර අඩංගු ඉන්වොයිසි යවා ඇති බව මෙහිදී නිරීක්ෂණය කර තිබේ.
බ්‍රිතාන්‍ය පාලන සමයේ සිට වාර්තා වන ශ්‍රී ලංකාවේ බන්ධනාගාර ගැටුම් ඉතිහාසය: 1900 සිට 2026 දක්වා
ශ්‍රී ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ සඳහන් කර ඇති ආකාරයට 1900 වර්ෂයේදී මහර ප්‍රදේශයේ ගල්වළක් තුළ සේවය සඳහා යොදවා සිටි සිරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබේ. පසුව මෙම ගැටුම සමථයකට පත් කර ගැනීමට එහි සිංහල කාර්ය මණ්ඩලය ඉවත් කර මැලේ කාර්ය මණ්ඩලයක් යෙදවීමට පියවර ගෙන තිබිණි.
මීගමුව බන්ධනාගාරයේ නොසන්සුන්තාව ගැන ඔබ නිතර නගන ප්‍රශ්න 10කට පිළිතුරු
මීගමුව බන්ධනාගාරයේ රැඳවියන් අතර ජූලි 5 සහ ජූලි 6 යන දිනවල ඇතිවූ නොසන්සුන්තාව පිළිබඳ පාඨක ඔබ නගන ප්‍රශ්න 10කට පිළිතුරු ලබාදීමට මෙම ලිපිය මගින් බීබීසී සිංහල අපේක්ෂා කරයි.



















































