චීනය සහ රුසියාව සමීපව බැඳ තබා ගන්නා සැඟවුණු බලවේගය කුමක් ද?

Putin and Xi greeting each other with a handshake, behind them is another image of Stalin and Mao in a handshake (as based on an image from a stamp)
චීනය සහ රුසියාව සමීපව බැඳ තබා ගන්නා සැඟවුණු බලවේගය කුමක් ද?
    • Author, අන්කුර් ෂා
    • Role, බීබීසී ගෝලීය චීන ඒකකයේ කර්තෘ
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 11

පසුගිය සැප්තැම්බරයේ බීජිං හි ටියනන්මෙන් චතුරශ්‍රය හරහා ඇවිද යන විට, චීන ජනාධිපති ෂී ජින්පින් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් අවයව බද්ධ කිරීමෙන් මිනිස් ආයු කාලය ක්‍රමිකව දීර්ඝ කිරීමට ඇති හැකියාව ගැන කල්පනා කළ බවක් පෙනෙන්නට තිබුණි.

"මිනිස් අවයව අඛණ්ඩව බද්ධ කරන්න පුළුවන්. ඔබ වැඩි කල් ජීවත් වන තරමට, ඔබ වඩාත් තරුණ වෙනවා, වගේම අමරණීයභාවය පවා පවා ලබා ගන්න පුළුවන්" පුටින්ගේ පරිවර්තකයා පවසනු ඇසුණේය.

"මෙම සියවසේදී මිනිසුන්ට අවුරුදු 150 ක් දක්වා ජීවත් විය හැකි බව සමහරු පුරෝකථනය කරනවා" ෂීගේ පරිවර්තකයා පිළිතුරු දෙන බව ඇසුණේය.

China's President Xi Jinping (C), North Korea's leader Kim Jong Un (3rd R) and Russia's President Vladimir Putin (2nd L) arrive for a reception in the Great Hall of the People

ඡායාරූප මූලාශ්‍රය, Kremlin Press Office/Anadolu via Getty Images)

ඡායාරූප ශීර්ෂ වැකිය, ආකර්ෂණීය දසුනක් ලබා දුන් නායකයින් අතර හමුව

එකිනෙකා හොඳම මිතුරන් ලෙස විස්තර කළ සහ වසර 39 ක් එක්ව බලයේ සිටීමෙන් පසුවත් ඉල්ලා අස්වීමේ කිසිදු සලකුණක් නොපෙන්වන ප්‍රබල පුද්ගලයින් දෙදෙනෙකුට මෙය ගැළපෙන සංවාදයක් විය.

මෙය නිසි ලෙස වටහාගත් හවුල්කාරීත්වයක් යනු කුමක්ද යන්න ගැන දුර්ලභ අවබෝධයක් විය. මෙම ලිඛිත නොවන සංවාදමය කොටස ඉතා රහසිගත සම්බන්ධතාවයක සුළු ඉඟි වලින් එකකි.

රුසියාව සහ චීනය අතර යහපත් අසල්වැසි සහ මිත්‍රශීලී සහයෝගීතා ගිවිසුමේ 25 වන සංවත්සරයට සමගාමීව පුටින් මෙම සතියේ බීජිං වෙත පැමිණියේය.

පසුගිය සතියේ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජනපති ෂී හමුවීමට ගිය විට, රන් මේස උපකරණ සහිත භෝජන සංග්‍රහයකට සහ පුරාණ විහාරස්ථානයකට යාමේ අවස්ථාව ඔහුට හිමි විය. පුටින්ගේ සංචාරය ඉතා සරල බවක් දැනෙන අතර, පුර්ව වශයෙන් නිකුත් කරන ලද තොරතුරු ඉතා අල්පය.

Russian matryoshka dolls with portraits of the Chinese President Xi Jinping and Russian President Vladimir Putin sold on a street souvenir shop

ඡායාරූප මූලාශ්‍රය, EPA-EFE/REX/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, පුටින් මේ සතියේ බීජිං වෙත පැමිණියේය

ක්‍රෙම්ලිනයේ මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ට්‍රම්ප්-ෂී හමුව පිළිබඳ තොරතුරු සෘජුවම දැන ගැනීමට බලාපොරොත්තු වන බවයි.

පසුගිය සතියේ නායකයන් දෙදෙනා සාමාන්‍යයෙන් විදේශීය අමුත්තන්ට තහනම් ෂොංනාන්හයි හරහා ඇවිද ගිය විට, ෂී තම මිතුරා පුටින්ගේ නම ට්‍රම්ප්ට පැවසූ බව වාර්තා වේ. එහිදී පුටින් මීට පෙර බීජිං දේශපාලන මධ්‍යස්ථානයට ගොස් ඇති බවට ඔහු විහිළුවෙන් පැවසුවේය.

වොෂින්ටනයේ සිටින ඇතැමුන් ට්‍රම්ප්ට බීජිං, මොස්කව් නගරයෙන් ඈත් කළ හැකි යැයි බලාපොරොත්තු වන්නට ඇති නමුත්, එවැනි බලාපොරොත්තු ප්‍රාර්ථනා සිතුවිල්ලකට වඩා වැඩි යමක් ඇතැයි පෙනෙන්නට නොමැත.

චීනය සහ රුසියාව මෑත වසරවලදී සිය සබඳතා "සීමා නැති මිත්‍රත්වයක්" ලෙස හඳුන්වා දී ඇත. එසේ නම්, මෙම සබඳතාව පදනම් වී ඇත්තේ කුමක් මතද, සහ ඔවුන්ගේ මෙම ලැදියාව අඛණ්ඩව පවතීද?

චීන කොන්දේසි මත

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

Carnegie Russia Eurasia Center චින්තන පර්ශදයේ අධ්‍යක්ෂ ඇලෙක්සැන්ඩර් ගැබුවෙව් පවසන්නේ, මෙම සබඳතාවය බෙහෙවින් අසමාන වන අතර, දෙරට අතර ඇති කර ගන්නා ඕනෑම ගිවිසුමක් බොහෝ දුරට චීනයේ කොන්දේසි මත සිදුවනු ඇති බවයි. "රුසියාව සම්පූර්ණයෙන්ම චීනයේ සාක්කුව තුළ සිටින අතර චීනයට තම කොන්දේසි නියම කරන්න පුළුවන්" ඔහු අවධාරණය කරයි.

මෙම ගතිකත්වය ආර්ථිකය තුළ පමණක් නොව බෝහෝ අංශ ඔස්සේ පවතී. චීනය රුසියාවේ විශාලතම වෙළඳ හවුල්කරුවා වන අතර රුසියාව චීනයේ ජාත්‍යන්තර වෙළඳාමෙන් 4% ක් පමණ වේ. චීනය වෙනත් ඕනෑම රටකට වඩා වැඩියෙන් රුසියාවට අපනයනය සිදු කරන අතර චීන ආර්ථිකය රුසියාවට වඩා සැලකිය යුතු ලෙස විශාලය.

වසර ගණනාවක් පුරාවට බටහිර රටවල් පැනවූ සම්බාධක හේතුවෙන් මොස්කව් බීජිං සමඟ සිදුකරන වෙළෙඳ ගනුදෙනු ශක්තිමත් කර ඇත.

එක්සත් ජනපදයේ සම්බාධකවලට ලක් වූ මෙන්ම, බ්‍රිතාන්‍ය රජයේ සමාලෝචනයකින් පසු එක්සත් රාජධානියේ 5G ජාලවලින් ද ඉවත් වීමට සිදු වූ දැවැන්ත තාක්ෂණික සමාගමක් වන Huawei රුසියාව තුළ බටහිර සමාගම් නොමැති වීමේ වාසිය ලබා ගනිමින් එරට විදුලි සංදේශ කර්මාන්තයේ ප්‍රධාන කුළුණක් බවට පත්ව සිටියි.

බටහිර රටවල් සමඟ සබඳතා බිඳී යාමත් සමඟ තාක්ෂණික, විද්‍යාත්මක හෝ කාර්මික යන අංශ ඔස්සේ විශේෂඥතාව සඳහා පළමු කැඳවුම් මධ්‍යස්ථානය චීනය බවට පත්ව ඇත.

Ukrainian rescuers work at the site of a Russian strike on a high-story residential building in Kyiv, Ukraine

ඡායාරූප මූලාශ්‍රය, EPA/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, මොස්කව් සිය යුද යාන්ත්‍රණය සඳහා චීන උපකරණ මත වැඩි වැඩියෙන් යැපීමට පටන් ගෙන තිබේ

2022 වසරේදී රුසියාවේ පූර්ණ පරිමාණ යුක්‍රේන ආක්‍රමණය ආරම්භ කිරීමෙන් පසු මොස්කව් එහි යුද යාන්ත්‍රණය සඳහා චීන නිෂ්පාදන මත වැඩි වශයෙන් යැපීමට පටන් ගෙන තිබේ. මෑත කාලීනව පළවූ බ්ලූම්බර්ග් වාර්තාවකින් හෙළි වූයේ රුසියාවට පනවා ඇති සම්බාධකවලට යටත් තාක්ෂණික මෙවලම්වලින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් ඔවුන් චීනයෙන් ආනයනය කරන බවයි. මෙය පෙර වසරට සාපේක්ෂව 10%ක වැඩිවීමකි.

මෙම අසමතුලිතතාවයේ ඇති අවදානම පිළිබඳව රුසියාව හොඳින්ම දැන සිටියි. 'රුසියානු ජාත්‍යන්තර කටයුතු කවුන්සිලය' (Russian International Affairs Council) නැමති චින්තන පර්ෂදයේ සභාපති දිමිත්‍රි ට්‍රෙනින් විසින් 'අපි කාටවත් හිස නමන්නේ නැහැ' යන මැයෙන් මෑතකදී ලියන ලද විචාරයකදී, රුසියාවට යටත් රාජ්‍යයක් වීමට අවශ්‍යතාවක් නොමැති බව පැහැදිලිව සඳහන් කර තිබුණේය.

චීනය ගැන අදහස් දක්වමින් ඔහු පැවසුවේ : "අපගේ සබඳතාවලදී සම තත්ත්වයක් පවත්වා ගැනීම සහ රුසියාව යනු කුඩා සහකරුවෙකු විය නොහැකි මහා බලවතෙකු බව මතක තබා ගැනීම අපට අත්‍යවශ්‍ය වනවා" යනුවෙනි.

මොස්කව් සතු පැවැත්මට අත්‍යවශ්‍ය වන මට්ටමේ ඉල්ලුමක් සහ වෙළෙඳපොලක් ලබා දිය හැකි එකම ගැනුම්කරුවා චීනය වන බැවින් බීජිං හැරුණු විට රුසියාවට තිබෙන වෙනත් සාර්ථක විකල්ප ඉතා සීමිතය. බටහිර රටවල් සමඟ සබඳතා බිඳ වැටීම සැලකිල්ලට ගනිමින් චීනය රුසියාව සමඟ පවතින වෙළෙඳාම අඩු කළහොත්, එය රුසියාවේ විදේශ ප්‍රතිපත්තිමය අරමුණු දැඩි ලෙස සංකීර්ණ කරනු ඇත.

කෙසේ වෙතත්, මොස්කව් සතු ලොකුම වාසිය සහ චීනයට අවශ්‍ය පරිදි ඔවුන්ව මෙහෙයවීමට නොහැකි ආරක්ෂක පවුර වන්නේ, නොසැලී ස්ථාවරව සිටීමට රුසියාව සතු හැකියාවයි.

Russian Prime Minister Vladimir Putin (R) shakes hands with Xi Jinping in Moscow in 2010

ඡායාරූප මූලාශ්‍රය, AFP via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, පුටින් සහ ෂී තමන් හොඳ ම මිතුරන් ලෙස විස්තර කර ඇත

ග්ලාස්ගෝ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයන පිළිබඳ කථිකාචාර්ය මාසින් කැච්මාර්ස්කි පවසන පරිදි මෙම අසමතුලිතතාවය කෙතරම් විශාලද යන්න පිළිබඳව චීනය හොඳින්ම දැනුවත් අතර රුසියාවේ හෝ එරට ප්‍රභූන් අතර කිසිදු ආකාරයක විරෝධයක් ඇති කර ගැනීමට ඔවුන් සූදානම් නොමැත.

"මම කියන්නේ රුසියාව සම්බන්ධයෙන් චීන ප්‍රතිපත්තියේ සාරාංශය ස්වයං සංයමයක්

පවත්වා ගැනීමයි," ඔහු පවසයි. "චීනය රුසියාවට බලපෑම් කරන්නේ නැහැ."

මෙය අර්ධ වශයෙන් නුවණට හුරු නැත, රුසියාව සුළු හවුල්කරුවෙකු වන නමුත් ගෞරවාන්විත රටකි.

Carnegie Russia Eurasia Center චින්තන පර්ෂදයේ ගැබුවෙව් පවසන්නේ, චීනය රුසියාවට බලහත්කාරයෙන් යමක් කරවීමට උත්සාහ කළ ද ''රුසියාව කියන්නේ ඒක වහාම පිළිගන්න ආකාරයේ රටක් නෙමෙයි" යනුවෙනි.

ඔහු උදාහරණයක් ලෙස 2023 වසරේදී ෂී මොස්කව් නුවර කළ සංචාරය පෙන්වා දෙන අතර එහිදී චීන ජනාධිපතිවරයා යුක්රේනය තුළ න්‍යෂ්ටික ආයුධ භාවිත නොකරන ලෙස පුටින්ගෙන් ඉල්ලා සිටි බව වාර්තා විය. ඊට දින කිහිපයකට පසු, රුසියානු පාර්ශවය නිවේදනය කළේ ඔවුන් බෙලරුස් රාජ්‍යය තුළ න්‍යෂ්ටික ආයුධ ස්ථානගත කරනු ඇති බවයි. ඇතැමුන් මෙම පියවර දුටුවේ මොස්කව් හිතාමතාම බාහිර පීඩනයට එරෙහි වීම සහ එහි ස්වාධීනත්වය ලෝකයට මතක් කර දීමක් ලෙසය.

යුක්රේනය තුළ රුසියාව දියත් කර ඇති විනාශකාරී සහ දිග්ගැස්සුණු යුද්ධය බොහෝ ආකාරවලින් බරක් විය හැකි නමුත්, තායිවානය ආක්‍රමණය කිරීමේ විභවයක් පිළිබඳ විකල්පයන් සලකා බලන බීජිං පාලනයට එය වත්කමක් ද වේ. "තවමත් අලෙවි කළ හැකි සුවිශේෂී මිලිටරි මෙවලම් වැනි ඇතැම් යුද තාක්ෂණයන් සම්බන්ධයෙන් සහ ඇතැම් චීන උපකරණ හෝ උපාංග අත්හදා බැලීමේදී රුසියාවෙන් විශාල දායකත්වයක් ලැබෙනවා," ගැබුවෙව් පවසයි.

චීනයට උපායමාර්ගිකව වැදගත් වන දැවැන්ත බලශක්ති සම්පත් ද රුසියාව සතුව ඇත. මැයි මාසයේ පැවති මාධ්‍ය හමුවකදී පුටින් පැවසුවේ දෙපාර්ශවයට "තෙල් සහ ගෑස් සහයෝගීතාවයේ ඉතා වැදගත් පියවරක්" තැබීමට ඉතා ආසන්න බවයි.

රුසියාවේ තෙල් පිරිපහදුවක්

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාව ප්‍රධාන තෙල් අපනයනකරුවෙකු වේ

ඔහු සඳහන් කළේ වසර ගණනාවක් තිස්සේ ඇණහිට තිබූ සාකච්ඡාවලින් පසුව රුසියානු ගෑස් දැවැන්තයෙකු වන ගෑස්ප්‍රොම් සහ චීනයේ ජාතික ඛනිජ තෙල් සංස්ථාව මූලික ගිවිසුමක් අත්සන් කළ බව වාර්තා වන පවර් ඔෆ් සයිබීරියාව 2 (Power of Siberia 2) ඉන්ධන නල මාර්ගය පිළිබඳ විය හැකිය.

මෙම නල මාර්ගය ඉදිකරන්නේ නම් එය පෙරළිකාර ක්‍රියාවක් වනු ඇති අතර, මොන්ගෝලියාව හරහා චීනයට රුසියානු ගෑස් කියුබික් මීටර් බිලියන 50 ක් ලබා දෙයි.

හෝමුස් සමුද්‍ර සන්ධියේ අර්බුදය දිගටම පවතින බැවින් චීනයට රුසියානු බලශක්තිය කෙරෙහි ඔවුන් තැබූ ඔට්ටුව දැන් ප්‍රතිඵල ලබා දෙමින් පවතින බව පෙනෙන්නට තිබේ. මෙය හුදෙක් මිල ගණන් පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවන අතර කැළඹිලි සහිත ලෝකයක් තුළ චීනයේ අභ්‍යන්තර බලශක්ති සුරක්ෂිතතාවයේ අනාගතය සහතික කිරීමකි.

හවුල්කරුවන් මිස මිතුරන් නොවේ

චීනය සහ රුසියාව එකිනෙකට වෙනස් මත දරන බවක් පෙනෙන සෑම අවස්ථාවකදීම, ඔවුන්ගේ සබඳතාවය තුළ පවතින ප්‍රධාන සත්‍ය කරුණක් පැහැදිලි වේ. එනම් ඔවුන් අතර නිල යුදමය හෝ දේශපාලන සන්ධානයක් නොමැති බැවින් රටවල් දෙකෙන් එකක් හෝ අනෙක් පාර්ශවය අනුගමනය කළ යුතු නොවීමයි.

මොස්කව්හි ඔස්ට්‍රේලියානු තානාපති කාර්යාලයේ හිටපු නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී බොබෝ ලෝ පවසන්නේ හවුල්කාරීත්වයට ඔරොත්තු දීමේ හැකියාව ලබා දෙන්නේ මිලිටරි සන්ධානයක ශක්තිමත්භාවයට වඩා මෙම උපායමාර්ගික නම්‍යශීලීභාවය බවයි.

"ඒක සන්ධානයක් නෙමෙයි, නම්‍යශීලී උපායමාර්ගික හවුල්කාරීත්වයක්," ඔහු පවසයි. එය බිඳ වැටෙනු ඇතැයි විටින් විට අනාවැකි පළ වුව ද තවමත් නොසැලී පවතී.

බටහිර පරාජය කිරීමේ ඔවුන්ගේ පොදු අභිලාෂය මත එක්සත් වූ "ඒකාධිපතීත්වයේ අක්ෂයක්" ලෙස හෝ නිරන්තරයෙන්ම බිඳ වැටීමේ අද්දර පවතින බිඳෙනසුලු සහෝදරත්වයක් යන ආකාර දෙකෙන් එකකට චීන-රුසියානු හවුල්කාරීත්වය නිරූපණය කිරීමට බටහිර විශ්ලේෂකයින් පෙළඹී සිටියි.

මෙම අසල්වැසි රටවල් දෙක එකිනෙකා මත ගැඹුරින් රඳා පවතින ආකාරය මෙම නිර්වචන මගින් සම්පූර්ණයෙන්ම නොපෙන්වයි. ඔවුන්ගේ විවිධ ප්‍රමාණ සහ විවිධ ක්‍රම තිබුණද, ඔවුන්ට වැදගත් දේවල් පොදු වන අතර, ඔවුන්ගේ බැඳීම බිඳ දැමීම අපහසු වේ.

ලෝ පවසන්නේ බටහිර රටවල් සමඟ ඔවුන්ගේ සබඳතා වැඩිදියුණු වුවද, රටවල් දෙකට හොඳින් කටයුතු කිරීමට ඕනෑ තරම් හේතු ඇති බවයි.

Members of the People's Liberation Army stand guard across from Blagoveshchensk, Russia, by the Amur River in Heihe, Heilongjiang province, China

ඡායාරූප මූලාශ්‍රය, Bloomberg via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, රුසියාව සහ චීනය කිලෝමීටර් 4,300 ක දේශ සීමාවක් බෙදා ගනී

ඒවා අතරින් ප්‍රධාන වන්නේ මීට පෙර අනාරක්ෂිත සීමාවක්ව පැවති දෙපාර්ශවය විසින් බෙදාගන්නා කිලෝමීටර් 4,300ක් පුරා දිවෙන දේශසීමාවයි. අනතුරුව ඔවුන් සතු අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාට අනුපූරක වන ආර්ථිකයන් ඇත: රුසියාව ප්‍රධාන වශයෙන් තෙල්, ගෑස් සහ අනෙකුත් අමුද්‍රව්‍ය අපනයනය කරන්නෙකු වන අතර, චීනයේ කාර්මික ආර්ථිකය ඒවා සඳහා විශාල වෙළෙඳපොලක් සපයයි. ඇමෙරිකාව ප්‍රමුඛ ලෝක ක්‍රමවේදයට එම රටවල් ද්විත්වය දක්වන පොදු විරෝධය ද මෙහිදී නොසලකා හැරිය නොහැක.

මානව හිමිකම් වැනි සාරධර්ම මත දඬුවම් ලබා දෙන බටහිර රටවල් මෙන් නොව රුසියාව සහ චීනය එකිනෙකාගේ ක්‍රියාවන් විනිශ්චය කරන්නේ නැත. චීනය ප්‍රතික්ෂේප කරන ෂින්ජියැන්ග් හි මානව හිමිකම් ගැටළු පිළිබඳ ප්‍රකාශයන් සහ රුසියානු විපක්ෂ නායක ඇලෙක්සි නවාල්නිගේ මරණය සමහර බටහිර රටවල් රුසියාව සහ චීනය සමඟ කටයුතු කිරීමේදී ප්‍රවේශම් වී ඇත, නමුත් මෙම ගැටළු මොස්කව් සහ බීජිං විසින් නොසලකා හරිනු ලැබේ.

"ෂින්ජියැන්ග් හෝ රුසියානුවෙකු වූ නවාල්නිට වස දීමේ සිද්ධිය වැනි කරුණු සම්බන්ධයෙන් ඔවුන් එකිනෙකා විවේචනය කර ගන්නේ නැහැ," ගැබුවෙව් පවසයි.

''එමෙන්ම ඔවුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේදී දේශීය පාලන තන්ත්‍රයන්ට අදාළ බොහෝ ප්‍රශ්න දෙස එකම දෘෂ්ටිකෝණයකින් බලනවා. එය ඔවුන් සහජීවන සබඳතාවක් නිර්මාණය කරනවා."

The Chinese characters for Beijing are seen on a large screen at an event promoting Made In Russia goods and relations with China, at a shopping mall in Beijing, China

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, වසර ගණනාවක බටහිර සම්බාධක මගින් මොස්කව්, බීජිං සමඟ වෙළඳ කටයුතුවලට ගැඹුරට තල්ලු කර ඇත

දෙරට අතර සබඳතා වර්ධනය කර ගැනීමේ දිගුකාලීන සම්ප්‍රදායක් ද පවතින බව ඔහු සඳහන් කරයි. "වඩාත් ප්‍රායෝගික සබඳතාවයක් කරා යන මෙම ප්‍රවණතාවය... ඇන්ඩ්‍රොපොව්, චර්නෙන්කෝ, ගොර්බචෙව්, යෙල්ට්සින් වැනි සෝවියට් පාලන ක්‍රම කරා දිවයනවා," ඔහු පවසයි. "චීන ජාතිකයින් ද එහෙමයි කියලා මම හිතනවා."

මෙම සබැදියාව අඛණ්ඩව පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වමින් සිය අනන්‍යතාවය හෙළි කිරීමට අකමැති වූ චීන විශ්ලේෂකයෙකු පිළිගත්තේ එකමුතුකම සහ ස්ථාවරත්වය ප්‍රදර්ශනය කිරීමේ අරමුණින් චීනය සහ රුසියාව වෙන් කළ නොහැකි දෙපාර්ශවයක් ලෙස ප්‍රසිද්ධියේ පෙන්වීමට උත්සාහ කරන්නේ අර්ධ වශයෙන් රංගනයක යෙදෙමින් බවයි.

යථාර්ථයේදී මෙය දෙරට අතර ඉලක්කවල ඇති කුඩා එකඟ නොවීම් සමඟ කටයුතු කිරීමට උපකාරී වන දේශපාලන මෙවලමකි. රටවල් දෙකම බටහිර බලය ලෙස දකින දේට අකමැති නමුත් ඔවුන් එය සමඟ කටයුතු කරන්නේ වෙනස් ආකාරයකටය. එක් විශේෂඥයෙක් පැවසුවේ රුසියාවට එක්සත් ජනපදය නොසලකා හරින නව ලෝක පද්ධතියක් නිර්මාණය කිරීමට අවශ්‍ය නමුත් චීනය වඩාත් ප්‍රවේශම් සහගත හා ප්‍රායෝගික ලෙස ක්‍රියා කරන බවයි. බොහෝ අය සිතන්නේ චීනය ඉක්මන් තීරණ ගැනීමෙන් වළකින අතර දිගු කාලීනව තමන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා ඉවසිලිවන්තව හා මන්දගාමී ප්‍රගතියක් ලබා ගැනීමට අවධානය යොමු කරන බවයි.

ඉරානය තුළ ඇමෙරිකාවේ ක්‍රියාවන්ට චීනය දැක්වූ ප්‍රතිචාරය පෙන්වා දෙමින් ඔවුන් පැවසුවේ බීජිං පාලනය ඔවුන්ගේ ප්‍රතිචාරයෙන් තක්සේරු කළ බව සහ ට්‍රම්ප්ගේ සංචාරය සඳහා වූ සූදානම ඔවුන් අවලංගු නොකළ බවයි. "මෙයින් පැහැදිලිවම පෙනෙන්නට තිබෙන්නේ කුපිත නොකිරීමට සහ දොරටු වසා නොදැමීමට බීජිං පාලනය තුළ තිබෙන කැමැත්තයි," ඔවුහු පැවසූහ. චීනයට තවමත් වොෂින්ටනය සමඟ සන්නිවේදනය විවෘතව තබා ගැනීමට සහ අනවශ්‍ය කුපිත කිරීම්වලින් වැළකී සිටීමට අවශ්‍ය බව ඔවුන් පැවසූ අතර එය රුසියාවේ ප්‍රවේශයට වඩා බොහෝසෙයින් වෙනස් ප්‍රවේශයකි.

මානුෂීය පැතිකඩ

හවුල්කාරීත්වය බොහෝ විට භූ දේශපාලනය සහ ආරක්ෂාව පිළිබඳ කාචය හරහා සාකච්ඡා කරන නමුත් තවත් ප්‍රධාන සාධකයක් වන්නේ සමාජ දෙකෙහි ජනතාව අතර සම්බන්ධතාවල ශක්තිමත්භාවයයි.

ඉහළම මට්ටමේ සිට බලනවිට පුටින් සහ ෂී ඔවුන් දෙදෙනා අතර අසමසම මිත්‍රත්වයක් පවතින බව පෙන්වීමට උත්සාහ කර ඇත. මෙය පුටින්ගේ 25 වන චීන සංචාරය වන අතර රුසියානු නිලධාරීන් අනෙකුත් රටවල නිලධාරීන් සමඟ ගනුදෙනු කරනවාට වඩා චීන නිලධාරීන් සමඟ වැඩි වශයෙන් සම්බන්ධ වීමට ඉඩ ඇත.

ඉහළම දේශපාලන මට්ටම්වල පවතින මෙම සුහදතාවයට පටහැනිව චීනයේ හිටපු බ්‍රිතාන්‍ය රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වන චාල්ස් පාර්ටන්, සාමාන්‍ය චීන සහ රුසියානු ජනතාව අතර පවතින ස්වභාවික සංස්කෘතික බැඳීම පිළිබඳව සැක පහළ කරයි.

"චීන ජාතිකයින්ට මොස්කව්හි අධ්‍යාපනය ලබා මොස්කව්හි පදිංචි වී මොස්කව්හි මහල් නිවාස මිලදී ගැනීමට අවශ්‍යද? නැහැ." ඔහු විශ්වාස කරන්නේ තෝරා ගැනීමට අවස්ථාවක් ලබාදෙන්නේ නම් රුසියානුවන් බටහිර රටවල ආයෝජනය කර බීජිං නගරයට සාපේක්ෂව පැරිසියේ හෝ ලන්ඩනයේ හෝ සයිප්‍රසයේ මහල් නිවාස මිලදී ගැනීමට කැමති බවයි.

A special concert marking the opening of the China-Russia Years of Culture

ඡායාරූප මූලාශ්‍රය, China News Service/VCG via Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, චීනය සහ රුසියාව මෑත වසරවලදී ඔවුන්ගේ සබඳතා "සීමා රහිත මිත්‍රත්වයක්" ලෙස විස්තර කර ඇත

සියල්ලෝම එකඟ නොවෙති. බටහිර සම්බාධක සහ දැඩි යුරෝපීය වීසා ප්‍රතිපත්ති රුසියානුවන් චීනය දෙසට තල්ලු කිරීම හේතුවෙන් ජනයාගෙන් ජනයාට නිරාවරණය වීම වේගයෙන් වර්ධනය වන බව ගබුවෙව් තර්ක කරයි.

රුසියානුවන්ට චීනයේ සංචාරය කිරීම බොහෝසෙයින් පහසු වී ඇත. දෙරට අතර පවතින අන්‍යෝන්‍ය වීසා රහිත ක්‍රමවේදයෙන් අදහස් කරන්නේ මොස්කව් සිට ප්‍රධාන චීන නගර වෙත දිනපතා ක්‍රියාත්මක වන ගුවන් ගමන් කිහිපයෙන් එකක නැගී පැය කිහිපයකින් චීනයට ළඟා විය හැකි බවයි.

මොස්කව් පාලනයට එරෙහි බටහිර සම්බාධකවලින් පසුව රුසියානුවෝ වැඩි වශයෙන් චීන දුරකථන භාවිතා කරන අතර චීන මෝටර් රථ ධාවනය කරති.

"ඉතිං මෙම අන්තර් සම්බන්ධතාවය, වීසා රහිත සංචාර, ගෙවීම් සිදු කිරීමේ පහසුව සහ ගමනාගමන පහසුකම් චීනය පෙරට වඩා සමීප කර තිබෙනවා," ගැබුවෙව් පවසයි. "එමෙන්ම සියලුම හුවමාරු වැඩසටහන්, ශිෂ්‍යත්ව සහ ඒකාබද්ධ පර්යේෂණ වැඩසටහන් මෙම සමාජ දෙක සමීප කරවනවා."

Russian President Putin meets Chinese President Xi Jinping in Beijing, China - they are seated by a large table full with fruit and flowers

ඡායාරූප මූලාශ්‍රය, Sputnik/ Kremlin/ PA/Shutterstock

ඡායාරූප ශීර්ෂ වැකිය, දෙදෙනා අතර සබඳතා ගැඹුරු ය

මොස්කව් සහ බීජිං අතර සබඳතාවයේ වර්ධනය වන අසමතුලිතතාවය දිගුකාලීන දුර්වලතාවයක් නියෝජනය කරන අතර බිඳ වැටීමක් පිළිබඳ සිදු කරන ඕනෑම අනාවැකි කෙටිකාලීනව සිදු නොවන බව පෙනෙන්නට ඇත.

දෙපාර්ශවය අතර වෙනස්කම් තිබියදීත් ලෝ පවසන්නේ: ''චීන-රුසියානු හවුල්කාරීත්වයට ඔරොත්තු දීමේ හැකියාව පවතිනවා. විශේෂයෙන්ම මෙම සහයෝගීතාවය ඉදිරියට ගෙනයාම හැර වෙනත් සාර්ථක විකල්පයන් නොමැති පසුබිමක, මෙය බිඳ වැටීමට ඉඩ දිය නොහැකි තරම් අතිශයින්ම වැදගත් එකක් බව දෙපාර්ශවයම දන්නවා."