රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි කෙහෙල්බද්දර පද්මේ රිමාන්ඩ්

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ හෙවත් මන්දිනු පද්මසිරි පෙරේරා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.
Published
කියවීමේ කාලය: මිනිත්තු 3

රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන කෙහෙල්බද්දර පද්මේ හෙවත් මන්දිනු පද්මසිරි පෙරේරා නමැත්තා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළේ ය.

අනතුරුව සැකකරු සැප්තැම්බර් 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම නියෝග කළේ ය.

වීඩියෝව නරඹන්න
වීඩියෝ ශීර්ෂ වැකිය,

ඉකුත් වසරේ අගෝ: 28 දින මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කළේ, දින 7ක විශේෂ මෙහෙයුමකින් අනතුරුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ඉන්දුනීසියානු පොලිසිය සහ ජාත්‍යන්තර පොලිසිය ඒකාබද්ධව සිදු කළ මෙහෙයුමකින් කෙහෙල්බද්දර පද්මේ ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයින් බව කියන පුද්ගලයින් 5 දෙනෙකු ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගත් බව ය.

2025 වසරේ පෙබරවාරි 19 වන දා අලුත්කඩේ අංක 5 මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුව තුළදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව හෙවත් සංජීව කුමාර සමරරත්න හෙවත් ගනේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වූයේ කෙහෙල්බද්දර පද්මේ නමැති සංවිධානත්මක අපරාධකරුට ය.

මේ අතර, රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු බව කියන පානදුර නිලංග හෙවත් නිලංග සම්පත් සිල්වා නමැත්තා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අඟහරුවාදා (අගෝ: 25) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අතර ඔහු ද සැප්තැම්බර් 3 වන දා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ ය.