හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මරණය ගැන පොලිසිය අධිකරණයේදී පැවසුවේ මොනවා ද?

- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 3
හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න සිය නිවසේදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර එම විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහ වෙත සිකුරාදා (ජූලි 17) නියෝග කළේ ය.
මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය කළේ, මාලබේ පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රදීප් රණසිංහගේ උපදෙස් මත එම පොලිස් ස්ථානයේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් රුවන් කරුණාදාස අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගනිමිනි.
පොලිසිය අධිකරණය හමුවේ පැවසුවේ මොනවා ද?
ඒ අනුව, නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී සැරයන් රුවන් කරුණාදාස අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ, මාලබේ පොලිස් වසමේ, තලාහේන ප්‍රදේශයේ පදිංචිව සිටි හිටපු පොලිස්පතිවරයෙකු වන චන්දන දීපාල් වික්‍රමරත්න වෙඩි වැදී මිය ගොස් ඇති බව නැගෙනහිර කොළඹ (මුලේලේරියාව) මූලික රෝහලේ රෝහල් පොලිසිය මගින් ජූලි 17 පෙරවරුවේ මාලබේ පොලිසියට දැනුම් දීමක් කළ බව ය.
හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය නැගෙනහිර කොළඹ මූලික රෝහලේ තැන්පත් කර ඇති බව ද අදාළ පොලිස් පණිවිඩය මගින් දැනුම් දී ඇතැයි ද සැරයන්වරයා සදහන් කළේ ය.
ඒ අනුව, අදාළ වෙඩි වැදීම සිදුවී ඇති ස්ථානය නිරීක්ෂණය කරන ලෙසට ද සැරයන් රුවන් කරණාදාස මහේස්ත්‍රාත්වරයාගෙන් අයැ ද සිටියේ ය.
මහේස්ත්‍රාත්වරයා හිටපු පොලිස්පතිවරයාගේ නිවසට
පොලිසිය කළ ඉල්ලීමට අනුව, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට වෙඩි වැදුණු බව කියන ස්ථානය පිහිටි මාලබේ තලාහේන නිවසට ගිය කඩුවෙල මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස අදාළ අපරාධ ස්ථානය නිරීක්ෂණය කළේ ය.
අපරාධ ස්ථානය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මාලබේ පොලිසියේ ස්ථානාධිපතිවරයාට නියෝග කළේ, හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදී මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර එම විමර්ශනයේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ය.
පශ්චාත් මරණ පරීක්ෂණය ගැන දුන් නියෝගය
මේ අතර, මාලබේ පොලිසියේ නඩු කටයුතු මෙහෙයුම් නිලධාරී පොලිස් සැරයන් රුවන් කරුණාදාස අධිකරණයට කළ කරුණු දැක්වීමට සැලකිල්ලට ගෙන, හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නගේ මෘත දේහය තැන්පත් කර තිබුණු නැගෙනහිර කොළඹ මූලික රෝහලට ගිය අලුත්කඩේ අංක 8, මහේස්ත්‍රාත් කසුන් කංචන දසනායක එම රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළේ, හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා මරණයට හේතු සහිතව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස ය.
පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමෙන් අනතුරුව මෘත දේහය හිටපු පොලිස්පතිවරයාගේ පුත්‍රයා වන විනුර වික්‍රමරත්නට භාර දෙන ලෙසට ද විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා, හිටපු පොලිස්පතිවරයාගේ මෘත දේහය පිළිබද භූමදාන කටයුතු මාලබේ තලාහේන පොදු සුසාන භූමියේදී සිදු කිරීමට හිටපු පොලිස්පතිවරයාගේ පුත් විනුර වික්‍රමරත්න මහතාට අධිකරණයේ අවසරය ලබා දුන්නේ ය.
මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය මගින් ආරම්භ කර ඇත. ඒ, පොලිස්පති නීතීඥ ප්‍රියන්ත වීරසූරිය කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා මගින් ලබා දුන් විශේෂ නියෝගයකට අනුව ය.


































