චීන 'Micro Drama' බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත්තේ ඇයි?

වීඩියෝ ශීර්ෂ වැකිය, චීන ‘Micro Drama’ බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත්තේ ඇයි?
චීන 'Micro Drama' බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වී ඇත්තේ ඇයි?
Published

චීන 'Micro Drama ජංගම දුරකතන ඔස්සේ නැරඹීම සඳහා නිර්මාණය කර ඇති අතිශය කෙටි, සිරස් කථාංග මාලාවන්, මේ වන විට චීනයේ ඩිජිටල් විනෝදාස්වාද කර්මාන්තයේ ප්‍රධාන කොටසක් දක්වා වර්ධනය වී තිබේ.

දෝයින් (Douyin) සහ ක්වයිෂො (Kuaishou) වැනි යෙදුම්වල ජනප්‍රිය වී ඇති මෙම නාට්‍යවල, සාමාන්‍යයෙන් වේගවත් කතන්දර කීමට සහ ප්‍රේක්ෂකයින් ඒ තුළ රඳවා තබාගැනීම වෙනුවෙන් ගොඩ නැඟූ මිනිත්තු 1සිට 3 දක්වා විහිදෙන කථාංග ඇතුළත් වේ.

ඒ අනුව ප්‍රේක්ෂකයින්ගේ වෙනස්වන නැරඹීමේ පුරුදු වලට ප්‍රතිචාර දක්වමින් අප භාවිත කරන සමාජ මාධ්‍ය හරහා සහ වෙනත් ඇප් (streaming) හරහා මෙම නිර්මාණ ආකෘතිය බිහි වූ ආකාරය සහ එය වාණිජ ලෝකය තුළ සාර්ථක ක්‍රමෝපායක් ලෙස ප්‍රචලිත වී ඇති අයුරු මෙම වීඩියෝවෙන් ගවේෂණය කරයි.