ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි යනු කවුද?

Mojtaba Khamenei, with a black turban and a brown robe, looks away from the camera

ඡායාරූප මූලාශ්‍රය, Tasnim News Agency

    • Author, බීබීසී පර්සියානු සේවය
  • Published
  • කියවීමේ කාලය: මිනිත්තු 5

පෙබරවාරි මාසයේදී ඇමෙරිකාව සහ ඉරානය අතර යුද්ධය ආරම්භයේදී ගුවන් ප්‍රහාරයකින් මියගිය ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ පුත් මොජ්තාබා ඛමේනි, ඔහුගේ අනුප්‍රාප්තිකයා ලෙස තෝරා ගැනිණි.

ඔහු එම තනතුරට පත් කළ දා සිට තවමත් ප්‍රසිද්ධියේ පෙනී සිට නොමැති අතර, සිකුරාදා (ජූලි 3) ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේදී ආරම්භ වූ තම පියාගේ අවමංගල්‍ය උත්සවයට ඔහු සහභාගිවේ ද යන්න ද තවමත් නොදනී.

දින කිහිපයක් පුරා පැවැත්වෙන මෙම අවමංගල්‍ය උත්සවය, ඇමෙරිකාව, ඊශ්‍රායලය සහ ඉරානය අතර පැවති යුද්ධය හේතුවෙන් ප්‍රමාද කර කෙරිණි.

තම පියා මෙන් නොව, 56 හැවිරිදි මොජ්තාබා බොහෝවිට ප්‍රසිද්ධ චරිතයක් ලෙස පෙනී සිටීමට උත්සහ දරා නොමැත. ඔහු කිසි විටෙකත් කිසිදු රජයේ තනතුරක් දරා නැත. ඔහු ප්‍රසිද්ධ කථා පවත්වා හෝ සම්මුඛ සාකච්ඡාවලට සහභාගී වී නොමැති අතර, ඔහුගේ ඡායාරූප සහ වීඩියෝ සීමිත සංඛ්‍යාවක් පමණක් ප්‍රකාශයට පත් කර ඇත.

නමුත් වසර ගණනාවක් පුරා, ඉරානය තුළ ඔහුට තිරය පිටුපස සැලකිය යුතු බලයක් පැවති බවට කටකතා පැතිර තිබිණි.

2000 දශකයේ අගභාගයේදී විකිලීක්ස් වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රික රහස් ලේඛනවල ඔහු පිළිබඳ විස්තර කර තිබුණේ "පූජක ලෝගුවලට පිටුපසින් සිටින බලවතා" ලෙස වන අතර ඇසෝසියේටඩ් ප්‍රෙස් පුවත් සේවයට අනුව රජය තුළ ඔහු "දක්ෂ හා බලගතු නායකයෙකු" ලෙස පුළුල් ලෙස පිළිගැනීමට ලක්ව සිටියේ ය.

An Iranian man, in a black suit jacket and white shirt, holds a picture of Mojtaba Khamenei, as he takes part in celebrations of the 47th anniversary of the Islamic Revolution in Tehran on 11 February 2026.

ඡායාරූප මූලාශ්‍රය, Tasnim News Agency

ඡායාරූප ශීර්ෂ වැකිය, දශක දෙකකට වැඩි කාලයක් තිස්සේ මොජ්තාබා කමේනි ඊළඟ නායකයා ලෙස යෝජනා වී තිබේ

මොජ්තාබා කමේනි යනු කවුරුන් ද?

1969 වසරේ සැප්තැම්බර් මස 8 වන දා ඉරානයේ ඊසානදිගින් පිහිටි මෂාඩ් නගරයේ උපත ලැබූ මොජ්තාබා, අලි කමේනිගේ දරුවන් 6 දෙනාගෙන් දෙවන දරුවා ය.

ඉරාන මාධ්‍ය වාර්තා අනුව 17 වන වියේ පසුවූ මොජ්තාබා එවකට පැවැති ඉරාන-ඉරාක යුද්ධය අතරතුර කෙටි කාලයක් සඳහා හමුදාවට අනුයුක්තව සේවය කළේ ය. වසර අටක් පුරා පැවති එම ලේ වැගිරීම් ඉරාකය සඳහා සහය දුන් ඇමෙරිකා එක්සත් ජනපදය සහ බටහිර රටවල් පිළිබඳ ඉරාන පාලන තන්ත්‍රයේ සැකය තවත් තීව්‍ර කළේ ය.

ඔහුගේ ආගමික අධ්‍යයන කටයුතු පවත්වාගෙන යාමට 1999 වසරේදී මොජ්තාබා ෂියා ඉස්ලාමයේ කේන්ද්‍ර ස්ථානයක් ලෙස සැලකෙන, ශුද්ධ නගරයක් වන කොම් වෙත පැමිණියේ ය. මෙම කාලවකවානුව වන තුරු ඔහු පූජක ඇඳුමින් සැරසී නොසිටීම කැපී පෙනෙන අතර, කෙනෙකුගේ තරුණ වියේදී සාමාන්‍ය දෙයක් ලෙස සැලකුණ ද ඔහු වයස අවුරුදු 30දී මද්‍රසාවකට ඇතුළු වීමට තීරණය කළේ මන්දැයි පැහැදිලි නොවිණි.

Wearing a black turban and spectacles, Mojtaba Khamenei is pictured during a visit to Hezbollah's office in Tehran in 2024.

ඡායාරූප මූලාශ්‍රය, West Asia News Agency Via Reuters

දේශපාලන මැදිහත්වීම් පිළිබඳව එල්ල වන චෝදනා

Skip podcast promotion and continue reading
අපගේ BBC News සිංහල නිල WhatsApp Channel එක follow කරන්න

උණුසුම් පුවත්, විශ්ලේෂණ සහ විශේෂ විශේෂාංග ඔබේ දුරකතනය වෙත ඍජුව ම ලබා ගන්න.

සම්බන්ධ වීමට link එක click කරන්න

End of podcast promotion

මොජ්තාබාගේ නම මුලින් ම මහජන අවධානයට ලක් වූයේ දැඩි මතධාරියෙකු වූ මහමුද් අහමඩිනෙජාඩ් ජයග්‍රහණ කළ 2005 ජනාධිපතිවරණයේදී ය.

කමේනි වෙත විවෘත ලිපියක් යවමින්, ප්‍රතිසංස්කරණවාදී අපේක්ෂක මෙහ්ඩි කරෝබි, මොජ්ටාබා, අහමඩිනෙජාඩ් ජයග්‍රහණය කරවීම සඳහා ආගමික කණ්ඩායම්වලට මුදල් බෙදා දුන් IRGC සහ Basij මිලීෂියාවේ සාමාජිකයින් හරහා ඡන්දයට මැදිහත් වූ බවට චෝදනා කළේ ය.

ඉන් වසර හතරකට පසු ද, මොජ්ටාබාට එම චෝදනාව ම එල්ල විණි.

අහමඩිනෙජාඩ් නැවත තේරී පත්වීමත් සමග රට පුරා හරිත ව්‍යාපාරය නමින් මහජන විරෝධතා ඇති විණි. එහිදී මොජ්ටාබාට ඔහුගේ පියාගෙන් පසු ඉරානයේ උත්තරීතර නායකයා ලෙස පත්විය හැකි බවට වූ අදහසට එරෙහිව ඇතැම් විරෝධතාකරුවන් සටන් පාඨ පවා කියැවිණි.

එවකට නියෝජ්‍ය අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා වූ මොස්තාෆා ටජ්සාදේ මෙම මැතිවරණ ප්‍රතිඵලය විස්තර කළේ "මැතිවරණ කුමන්ත්‍රණයක්" ලෙසයි. පසුව ඔහු වසර හතක සිර දඬුවම් නියම වූ අතර එය "මොජ්තාබා කමේනිගේ ඍජු කැමැත්ත" මත සිදුවූවක් ලෙස ඔහු පැවසීය.

බොහෝ දෙනෙකු අපේක්ෂා කරන්නේ, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා තම පියාගේ දැඩි මතධාරී ප්‍රතිපත්ති අඛණ්ඩව පවත්වාගෙන යනු ඇති බව ය.

එමෙන් ම, තවත් පිරිසක් විශ්වාස කරන්නේ එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් පියා, මව සහ බිරිඳ අහිමි වූ පුද්ගලයෙකු බටහිර බලපෑම් හමුවේ යටත් නොවනු ඇති බවයි.

Protesters gathering during the 2009 protest, with some individuals blowing smoke into each other's eyes to lessen the impact of tear gas.

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

ඡායාරූප ශීර්ෂ වැකිය, 2009 ජනාධිපතිවරණයෙන් පසුව හරිත ව්‍යාපාරය ලෙස හැඳින්වූ විරෝධතා ඇති විය

නමුත් ඉස්ලාමීය ජනරජයේ පැවැත්ම තහවුරු කිරීම සහ දේශපාලන හා ආර්ථික පරිහානියෙන් රට මුදා ගැනීමට සුදුසු ම පුද්ගලයා තමන් බව ජනතාවට ඒත්තු ගැන්වීමට ද ඔහුට සිදුවිය.

නායකත්වය හෙබවීම සඳහා ඔහු සතු හැකියාව මෙතෙක් පරීක්ෂාවට ලක්වී නොමැති පසුබිමක ඉරාන ජනරජය පවුල් උරුමයෙන් පාලනය වන ක්‍රමයකට හැරෙමින් පවතින බවට වන මතය, මහජන අතෘප්තිය තවදුරටත් වැඩි කළ හැකි වෙයි.

ඕනෑ ම අනුප්‍රාප්තිකයෙකු "තුරන් කිරීම සඳහා නිසැක ඉලක්කයක්" වනු ඇතැයි ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවසා ඇති හෙයින් දැන් මොජ්තාබා ඉලක්කගත පුද්ගලයෙකු වනු ඇත.