ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් ආදායම් බදු අය කිරීම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දුන් නියෝගය

ක්‍රිකට් ක්‍රීඩකයින් පිරිසක් නීතිඥයෙකු සමග

ඡායාරූප මූලාශ්‍රය, Getty Images

Published
කියවීමේ කාලය: මිනිත්තු 2

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් අත්තිකාරම් පුද්ගල ආදායම් බදු අය කිරීමට අදාළව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා ගෙන ඇති තීරණය බලරහිත කරමින් අභියාචනාධිකරණය අද (අගෝ: 31) රිට් ආඥාවක් නිකුත් කළේ ය.

ශ්‍රී ලංකා එක් දින හා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම්වල ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් විසින් ඉදිරිපත් කරන ලද පෙත්සම්වල තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර තිබේ.

කෙසේ වෙතත්, මෙම කරුණ සම්බන්ධයෙන් දේශීය ආදායම් කොමසාරිස් විසින් ඉදිරියේදී ගනු ලබන තීරණවලට අගතියක් නොවන පරිදි මෙම නියෝග නිකුත් කරන බවත් විනිසුරුවරු සඳහන් කළහ.

වැඩිදුර තොරතුරු බලාපොරොත්තු වන්න...