නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් සම්බන්ධ සමාජ මාධ්‍ය විවාද අතරේ 'Karuppu' චිත්‍රපටයට තමිල්නාඩු මහ ඇමතිගෙන් ලැබුණු විශේෂ අවසරය

ඡායාරූප මූලාශ්‍රය, Instagram / Trisha Krishnan
- Author, බීබීසී සිංහල
- Published
- කියවීමේ කාලය: මිනිත්තු 5
ජෝසෆ් විජෙයි පසුගිය ඉරිදා (මැයි 10) තමිල්නාඩු මහ ඇමති ධූරයේ දිවුරුම් දුන් උත්සවයට ද ත්‍රිෂා ක්‍රිෂ්ණන් ඇගේ මව සමග සහභාගී විය. එහිදී ඇය තමිල්නාඩු මහ ඇමති විජෙයිගේ දෙමව්පියන් සමග යාබද අසුනක අසුන්ගෙන සිටින අයුරු දක්නට ලැබිණි.
ත්‍රිෂා තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණ කාල සීමාව පුරා විජෙයිගේ මැතිවරණ ව්‍යාපාරය සඳහා විශාල ලෙස සහයෝගය දැක්වීය.
තමිල්නාඩු මහ ඇමති ධූරයේ විජෙයි දිවුරුම් දුන් අවස්ථාවට ඔහුගේ බිරිඳ වන සංගීතා සෝර්නලිංගම් සහ ඔවුන් දරුවන් දෙදෙනා සහභාගී නොවීම කෙරෙහි ද බොහෝ මාධ්‍යවල අවධානය යොමුව තිබිණි.
බ්‍රිතාන්‍යයේ ව්‍යාපාරිකයෙකු වන සංගීතා සෝර්නලිංගම් ශ්‍රී ලාංකික සම්භවයක් ඇති දමිළ පවුලක දියණියක් වන අතර විජෙයි සහ ඇය 1999 වසරේදී විවාහ වූහ.
ඔවුන් දෙදෙනාට පුතෙකු සහ දියණියක සිටින අතර, 2024 වසරේදී විජෙයි TVK පක්ෂය පිහිටුවමින් දේශපාලනයට පිවිසීමට තීරණය කරන විට සංගීතා ද එයට උපකාර කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.
කෙසේ වුව ද වසර 27කට පසුව සංගීතා සෝර්නලිංගම් සිය සැමියා වන විජෙයිගෙන් දික්කසාද වීම සඳහා 2025 වසරේදී නඩුවක් ගොනු කරනු තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබිණි.
51 හැවිරිදි වියේ පසුවන විජෙයි, කාන්තා රංගන ශිල්පිනියක සමග අනියම් සම්බන්ධතාවක් පවත්වන බවත් ඒ අනුව තමන්ට ඔහුගෙන් දික්කසා ද වීමට අවශ්‍ය බවට සංගීතා සෝර්නලිංගම් සිය දික්කසාද නඩුව ගොනු කර ඇති බවත් India Today වෙබ් අඩවිය වාර්තා කළේ ය.
විජෙයිගේ දේශපාලන නැගීම සහ බිරිඳ සංගීතා සමග පවතින නඩු කටයුත්ත හේතුවෙන් මේ වන විට ඔහුගේ පෞද්ගලික ජීවිතය දැඩි මහජන අවධානයකට ලක්ව ඇත.
තව ද, විජෙයි නිළි ත්‍රිෂා ක්‍රිෂ්ණන් සමග මෑතකාලීනව ප්‍රසිද්ධියේ පෙනී සිටීම සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් නිර්මාණය කිරීමට ද හේතු වී තිබේ. ඇය සිනමා තිරයේ විජෙයිගේ සමීප මිතුරියක ලෙස හැඳින්වේ.
ත්‍රිෂාගේ චිත්‍රපටයට ලැබුණු විශේෂ අවසරය
මෙම ලිපියේ X විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට X කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of X post
මේ අතර මැයි 14 එළිදක්වන ලද ත්‍රිෂා සහ සූර්යා රංගනයෙන් දායක වන කරුප්පු චිත්‍රපටය සඳහා තමිල්නාඩු මහ ඇමති විජෙයි විසින් විශේෂ අවසරයක් ලබා දී ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබේ.
සාමාන්‍යයෙන් තමිල්නාඩු සිනමා ශාලාවල උදෑසන 9.00 දර්ශන වාරයක් නොපවතින අතර මහ ඇමති විජෙයි විසින් කරුප්පු චිත්‍රපටය උදෑසන 9.00ට තිරගත කිරීමට විශේෂ අවසරයක් ලබා දී තිබෙන බව Dreamwarrior Pictures ආයතනය සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් නිවේදනය කර ඇත.
"#Karuppu පෙ.ව. 9 දර්ශනයක් සඳහා විශේෂ අවසරය ලබා දීම සම්බන්ධයෙන් අපගේ ගරු ප්‍රධාන අමාත්‍ය ජෝසෆ් විජෙයි මහතාට විශේෂ ස්තූතිය. #Karuppu මැයි 14 වන දින සිට පෙරවරු 9 සිට ආරම්භ වේ," යනුවෙන් එම X සටහනේ සඳහන් විය.
කෙසේ වෙතත්, ත්‍රිෂා සහ සූර්යා රංගනයෙන් දායක වන කරුප්පු චිත්‍රපටය පෙරවරු 9.00ට දර්ශනය කිරීම බොහෝ සිනමා ශාලාවල සිදුනොවුණු බව වාර්තා වන අතර චිත්‍රපටයේ නිෂ්පාදක ආර්.ජී. බලාජි සිය X සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් සිනමා රසිකයින්ගෙන් ඒ පිළිබඳව සමාව අයැද තිබිණි.
ත්‍රිෂා ක්‍රිෂ්ණන් යනු කවුද?
ත්‍රිෂා ක්‍රිෂ්ණන් 1983 මැයි 4 වන දින තමිල්නාඩුවේ මදුරාසියේ ක්‍රිෂ්ණන් සහ උමා යුවළට දාව දමිළ පලක්කඩ්හි අයියර් පවුලක උපත ලැබුවා ය. ඇය චෙන්නායිහි චර්ච් පාර්ක්හි පාසලක සිය ද්විතියික අධ්‍යාපනය සම්පූර්ණ කළා ය.
චෙන්නායිහි එතිරාජ් කාන්තා විද්‍යාලයෙන් ව්‍යාපාර පරිපාලනවේදී උපාධිය පාඨමාලාවක් හැදෑරු ත්‍රිෂා, පසුව නිරූපණ ක්ෂේත්රයට පිවිසියා ය. එහිදී 1999 වසරේ දී ඇය "මිස් සේලම්" සහ එම වසරේ ම පැවති 'මිස් චෙන්නායි' නිරූපණ තරග දෙක ම ජයග්‍රහණය කිරීමට සමත් වූවාය.
ත්‍රිෂා පළමුව අපරාධ මනෝ විද්‍යාඥවරියක වීමට කැමැත්තෙන් සිටි අතර, එයට බාධාවක් වේයැයි රංගනය හැදෑරීම ප්‍රතික්ෂේප කළ බව ද පැවසේ. 1999 වසරේදී තිරගත කෙරුණු ජෝදී (Jodi) චිත්‍රපටයේ සුළු චරිතයකින් රංගනයට එක්වෙමින් ත්‍රිෂා ක්‍රිෂ්ණන් කොලිවුඩ් තිරයට එක්විය.
ත්‍රිෂා රඟපෑ ජනප්‍රිය චිත්‍රපට මොනවා ද?

ඡායාරූප මූලාශ්‍රය, Instagram / Trisha Krishnan
දෙමළ මෙන් ම තෙලිඟු සිනමා පටවලට රංගනයෙන් දායකත්වය ලබා දී ඇති ඇය මේ දක්වා රංගනයෙන් දායක වූ චිත්‍රපට සංඛ්‍යාව 60කට ආසන්න වේ.
ත්‍රිෂා කොලිවුඩ් සිනමාවේ වැඩි ම මිලක් අය කරන චිත්‍රපට රංගන ශිල්පිනියන්ගෙන් කෙනෙකු වන අතර ඇය මේ දක්වා රංගනයෙන් දායක වී ඇති මුළු චිත්‍රපට සංඛ්‍යාව 60කට ආසන්න ය.
ඇය රංගනයෙන් දායකවූ චිත්‍රපට අතරින් වඩාත් ප්‍රසිද්ධියට පත්වූ චිත්‍රපට වන්නේ සාමී, ගිල්ලී, තිරුපාච්චී, ආරූ, ආතී, භීමා, කුරුවී, මන්කාතා, යෙන්නෙයි අරින්දාල්, භූලෝගම්, 96, පොන්නියන් සෙල්වන් සහ ලීයෝ වේ.
2004 වසරේදී වත්මන් තමිල්නාඩු මහ ඇමතිවරයා වන ජෝසෆ් විජෙයි සමග ත්‍රිෂා රංගනයෙන් දායක වූ 'ගිල්ලී' චිත්‍රපටය බ්ලොක්බස්ටර් ආදායම් වාර්තා තැබූ චිත්‍රපටයක් වූ අතර, ඇයගේ රංගන දිවියේ හැරවුම් ලක්ෂ්‍යය වූයේ එම චිත්‍රපටය බව සිනමා විචාරකයෝ පවසති.
මැතිවරණයේදී කරලියට පැමිණි 'ගිල්ලී'
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post, 1
ත්‍රිෂා මැතිවරණය පැවති දිනයේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් අනතුරුව සලකුණු කළ සිය ඇඟිල්ලේ ඡායාරූපයක් සමගින් පසුබිමෙන් 'ගිල්ලී' චිත්‍රපටයේ ජනප්‍රිය ගීතයක් පසුබිම් සංගීතය ලෙස යොදාගෙන සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ පළ කර තිබිණි.
එමෙන් ම, මැතිවරණ නිල ප්‍රතිඵල ප්‍රකාශ කෙරෙන අතර වාරයේදී ඇය විජෙයිගේ නිවසට පැමිණියා ය.
ත්‍රිෂාගේ සමාජ මාධ්‍ය සටහනට එල්ල වූ විරෝධය
මෙම ලිපියේ Instagram විසින් සපයන ලද අන්තර්ගතයන් අඩංගු වේ. ඔවුන් කුකීස් සහ වෙනත් තාක්ෂණයන් භාවිතා කරන නිසා, ඒ කිසිවක් පූරණය වීමට පෙර අපි ඔබගේ අවසරය ඉල්ලා සිටිමු. එයට අවසරදීමට පෙර ඔබට Instagram කුකී ප්‍රතිපත්තිය සහ රහස්‍යතා ප්‍රතිපත්තිය කියවීමට අවශ්‍ය විය හැකි ය. මෙම අන්තර්ගතය බැලීමට 'පිළිගෙන ඉදිරියට යන්න' තෝරන්න.
End of Instagram post, 2
තමිල්නාඩු මහ ඇමති විජෙයි දිවුරුම් දීමෙන් පසු දිනයේදී ත්‍රිෂා ක්‍රිෂ්ණන් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබූ අතර ඊට බොහෝ දෙනාගේ අවධානය යොමු වී තිබිණි.
"ආදරය සැමවිට ම ශක්තිමත්" යනුවෙන් සඳහන් කර තිබූ එම සමාජ මාධ්‍ය සටහනේ ත්‍රිෂා, මහ ඇමති විජෙයිගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීමට ඇඳ සිටි සාරියෙන් සැරසී ගත් ඡායාරූප කිහිපයක් පළ කර තිබිණි.
කෙසේ නමුත්, මෙම සටහනට අදහස් දක්වමින් පූජා රමේෂ් නම් වූ පරිශීලකයෙක් කියා තිබුණේ "ආදරය ශක්තිමත් විය හැකියි, නමුත් එය විවාහයෙන් පිටත සම්බන්ධ සම්බන්ධතාවන්ට නෙමෙයි," යනුවෙනි.
තවත් පරිශීලකයෙකු ත්‍රිෂාගේ ඉන්ස්ටර්ග්‍රෑම් සටහනට අදහස් දක්වමින් කියා තිබුණේ, "ලස්සන පවුලක් විනාශ කළා කියලා කිසි ම වරදකාරී හැඟීමක් නැතුව ඇය සාමාන්‍ය විදිහට හැසිරෙන්නේ කොහොම ද?" යනුවෙනි.


































