කැලිෆෝනියාව ගිනියම් කළ ඉන්ධන බවුසරයක්
Published
එක්සත් ජනපද කැලිෆෝනියාවේ අධිවේගී මාර්ගයක ධාවනය වෙමින් තිබූ ඉන්ධන බවුසරයක් ගින්නකට හසු වීමත් සමග එහි රථවාහන ධාවනය ඇනහිට තිබේ.
බවුසරයේ එක් ටයරයක් පුපුරා යන අවස්ථාවේ එය ඉන්ධන ගැලුම් 8,700ක් රැගෙන ගමන් ගනිමින් තිබූ බවයි පැවසෙන්නේ.
ගින්නට හසු වූ බවුසරය වෙත ළඟා වීම සඳහා ගිනි නිවන භටයින්ට දැඩි වෙහෙසක් දැරීමට සිදු වී ඇති අතර රියදුරා බවුසරයෙන් පිටතට පැන දිවි බේරා ගෙන තිබේ.