චීන අවසරය මත ඉන්දීය වන්දනාකරුවෝ ටිබෙටයට

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
චීනය විසින් අවසර දෙන ලද නව මාවතක් ඔස්සේ ගමන් ගත් පළමු කණ්ඩායම බවට පත් වෙමින් වන්දනාකරුවන් පිරිසක් ඉන්දියාවේ සිට ටිබෙටයට පැමිණ ඇති බව චීන රජයේ මාධ්‍ය වාර්තා කරයි.
වන්දනාකරුවෝ, හින්දු සහ බෞද්ධ බැතිමතුන්ගේ ශුද්ධ භූමියක් ලෙස සැලකෙන කයිලාෂ් කඳු මුදුන දැක බලා ගැනීමේ බලාපොරොත්තුවෙන් පසු වෙති.
හිමාලය කඳු වැටියට යාබද පෙදෙසක් හරහා ඉහත කී කණ්ඩායම ටිබෙටයට ඇතුල් වූහ.

ඡායාරූප මූලාශ්‍රය, Getty
පසුගිය වසරේ සිදු වූ චීන ජනපති ෂී ජින්පින්ගේ ඉන්දීය සංචාරය අතරතුර නව මාවත සම්බන්ධයෙන් එකඟත්වයකට පැමිණීමට හැකි විය.
ඉන්දියාව සහ චීනය අතර වෙළඳ සබඳතා වර්ධනය වෙමින් තිබෙන නමුත් දීර්ඝකාලීන දේශසීමා අර්බුදය හේතුවෙන් දෙරටේ සබඳතාවලට නිරන්තර ගැටළු මතු වේ.
























