හොල්මනකට බිය වී උණ ගත් ක්‍රිකට් ක්‍රීඩකයා

ඡායාරූප මූලාශ්‍රය, Getty
Published
සිය කණ්ඩායම් ක්‍රීඩකයකු රැඳී සිටි හෝටල් කාමරය තුළදී හොල්මනක් දුටුවේ යැයි සිතා ඊට බිය වී වෙවුලමින් සිටි බව නවසීලන්තයේ සංචාරයක යෙදෙන පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම පවසයි.
විසිහය හැවිරිදි තුන් ඉරියව් ක්‍රීඩක හැරිස් සොහෙල් සිය අත්දැකීම විස්තර කරමින් කියා සිටියේ අද්භූත රූපයක් පැමිණ තමාගේ නිදියහන සෙලවූ බවයි.
අනෙකුත් ක්‍රීඩකයන් එම ස්ථානයට පැමිණෙන විට ඔහු වෙවුලමින් උණ ගතියෙන් පෙළෙමින් සිටි බව ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු සඳහන් කළේය.
මේ අතර වෛද්‍යවරයා පවසා ඇත්තේ හැරිස් සොහෙල් යහපත් සෞඛ්‍ය තත්වයෙන් පසු වන බවයි.
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන සිටි හෝටලය අවට ප්‍රදේශයේ කිසිදු භූචලනයක් වාර්තා වී නොමැත.
























