ඉරාක සරණාගතයන්ට ඕස්ට්‍රේලියාවෙන් ඉඩක්

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
ඉරාකයේ හා සිරියාවේ සරණාගතයන් හාරදාස් පන්සීයක පමණ පිරිසකට තම රට තුල ස්ථිර පදිංචිය ලබා දීම සඳහා ඉඩ සලසන බව ඕස්ට්‍රේලියාවේ ආගමන කටයුතු භාර අමාත්‍ය ස්කොට් මොරිසන් ප්‍රකාශ කරයි.
ඕස්ට්‍රේලියාවට පැමිණෙන සරණාගතයන් එහි පදිංචි කිරීම සඳහා වූ වාර්ෂිකව වැඩසටහනට මෙම පිරිස ඇතුළත්.
බෝට්ටු මාර්ගයෙන් රට තුලට පැමිණෙන සරණාගතයන් නැවැත්වීමට ඕස්ට්‍රේලියානු ආණ්ඩුවට හැකි වීම නිසා මෙවැනි ඉඩක් ලැබුණු බව අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසුවේය.
නීති විරෝධී ආකාරයෙන් බෝට්ටු වලින් පැමිණෙන කිසිවකුටත් ඕස්ට්‍රේලියාව තුළ ස්ථිර පදිංචිය ලබා නොදෙන බවයි එරට ආණ්ඩුව කියා සිටින්නේ.
























