හෙරොයින් ප්‍රවාහනයට අලුත් උපක්‍රමයක්

ඡායාරූප මූලාශ්‍රය, Boder Force
Published
පකිස්ථානයෙන් ගෙන් වූ අතින් සාදන බුමුතුරුණු වලට තබා වියන ලද හෙරොයින් තොගයක් බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් ගුවන් තොටුපළේ රේගුව විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
බුමුතුරුණු ඇතුළත තිබී සොයා ගත් කිලෝ පනහක පමණ බරින් යුත් හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම ඩොලර් ලක්ෂ පනහක් පමණ වන බවයි බලධාරීන් පවසන්නේ.
ඒ සම්බන්ධයෙන් තිස්පස් වන වියේ සහ පනස්එක් වන වියේ පසුවෙන පුද්ගලයන් දෙදෙනෙක් සැක පිට අත් අඩංගුවට ගනු ලැබ ඇති බවත් වාර්තා වෙයි.
එම පුද්ගලයන් දෙදෙනා ලන්ඩන් නගරයට මත් ද්‍රව්‍ය ගෙන්වීමේ ජාවාරමක් සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇප මත මුදා හරිනු ලැබ සිටි දෙදෙනකු බවත් පැවසෙයි.
පකිස්තානයේ පෙෂවෝර් නගරයේ සිට අබුඩාබි නුවර හරහා නැව් ගත කර ඇති හොරොයින් රැගත් බුමුතුරුණු තොගය පිළිබඳ තවදුරටත් පරීක්ෂණ පැවැත්වෙන බවයි බ්‍රිතාන්‍ය බලධාරීන් පවසන්නේ.
























