අප්‍රිකානු වන උයනේ ඇත් ප්‍රහාරය

ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බව වනෝද්‍යානයේ කළමණාකරු පවසයි

ඡායාරූප මූලාශ්‍රය, latestsightings.com

ඡායාරූප ශීර්ෂ වැකිය, ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බව වනෝද්‍යානයේ කළමණාකරු පවසයි
Published

දකුණු අප්‍රිකාවේ 'කෲගර්' ජාතික වනෝද්‍යානයේ දී ඇතකුගේ ප්‍රහාරයකට ලක් වූ බ්‍රිතාන්‍ය කාන්තාවක් ජීවිතය බේරා ගත්තේ යාන්තමින්.

සාරා බ්රූක් නම් බ්‍රිතාන්‍ය ගුරුවරිය මෝටර් රථයකින් වනෝද්‍යානය තුළ සැරිසරමින් සිටියදීයි ඇත් ප්‍රහාරයට ගොදුරු වුණේ.

ඇත් දළය මෝටර් රථයේ බඳ සිදුරුන කරමින් සාරා බ්රූක් ගුරුවරියගේ පාදයක වැදීමෙන් ඇය තුවාල ලද අතර ඇයට රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට සිදු වූ බවත් වාර්තා වෙයි.

සාරා බ්රූක් ගමන් ගත් රිය පසුපසින් ධාවනය වෙමින් තිබුණ වෙනත් වාහනයක ගමන් ගනිමින් සිටි පිරිසක් ඇත් ප්‍රහාරය වීඩියෝ ගත කරනු ලැබ “යූ ටියුබ්” අන්තර් ජාල වෙබ් අඩවියේ පළ කරනු ලැබ තිබෙනවා.

කෲගර් ජාතික වනෝද්‍යානයේ කළමණාකරු, විලියම් මබාසා පවසන්නේ ප්‍රහාරය එල්ල කළ ඇතා මරා දමන ලද බවයි.