බයිසිකලයක්, කාන්තාවන්ගේ ආදායම තුන් ගුණයකින් ඉහළ නැංවූ හැටි
Published
යමෙකු සතුව මෝටර් රථයක් නොමැති නම්, ගම් ප්‍රදේශයට නිසි මාර්ග පහසුකම් නොමැති නම් නිෂ්පාදන වෙළෙඳපොළට රැගෙන යාම හෝ දරුවන් පාසල් ගෙන යාම දුෂ්කර කටයුත්තක් වනු ඇත.
ඒ සඳහා උත්තරය පාපැදියක් ද? මේ සැම්බියානු ජාතිකයෝ එසේ සිතති.
සැම්බියාවේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ජනයාගෙන් 83% ක් දිවි ගෙවන්නේ නිසි මාර්ග පහසුකම් සහිත පෙදෙස්වල සිට කිලෝමීටර 2 ට වැඩි දුරකිනි. එබැවින් ඔවුන්ගේ කෘෂි සහ පශු නිෂ්පාදන වෙළෙඳපොළ වෙත ගෙන යාම දැඩි අභියෝගයක් වී තිබේ. මේ එම අභියෝගය ජය ගනුවස් ආරම්භ කළ වැඩසටහනකින් ප්‍රතිලාභ ලද ගම්වැසියන්ගේ අත්දැකීම් ඇසුරින් සැකසුනු වීඩියෝවකි.