එකම පවුලේ හතරදෙනෙක් හිම කන්දට බිලිවෙති

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
කාශ්මීරයේ හිම කඳු දෙකක් නායයාමෙන් යටත්පිරිසෙයින් පස්දෙනෙකුවත් මරණයට පත්වී ඇති බව ඉන්දීය බලධාරීහු පවසති.
මෙම නායයාම් දෙක සිදුවී ඇත්තේ කාශ්මීරයේ ඉන්දීය හා පකිස්තානු කලාප වෙන්වන දේශසීමාව අසලය.
ඉන් එක් හිම කන්දක් බන්දිපෝරා දිස්ත්‍රික්කයේ ගම්මානයක් මතට නායගිය අතර පස්දෙනෙකුගෙන් යුත් පවුලක හතරදෙනෙක් මරණයට පත්වුහ.
අනෙක් හිම කන්ද නාය ගොස් ඇත්තේ ගන්දර්බාල් දිස්ත්‍රික්කයේ හමුදා කඳවුරක් මතටය.
එහිදී අඩුතරමින් එක් හමුදා භටයෙකුවත් මියගොස් ඇති අතර බේරාගැනීමේ මෙහෙයුම් දියත්වී තිබේ.
පසුගිය වසරේද කාශ්මීර ප්‍රදේශයේ හිම කන්දක් හමුදා මුරපොලක් මතට නායයාමෙන් සොල්දාදුවන් එකොළොස්දෙනෙක් මරණයට පත්වූහ.























