ලොව විශාලතම ගුවන් යානය දැක බලා ගැනීමට දහස් ගණනක්
Published
ඕස්ට්‍රේලියාවේ පර්ත් ගුවන් තොටුපලට ළඟා වූ 'Antonov 225 Mriya' නමැති ලොව විශාලතම ගුවන් යානය දැක බලා ගැනීමට ගුවන් යානා පිළිබඳ උනන්දුවක් දක්වන්නන් දහස් ගණනක් රැස් වී සිටියහ.
මීටර 84 ක් දිගින් යුතු යානයේ බර ටොන් 175 ක්.
යානය ඕස්ට්‍රේලියාව බලා පැමිණියේ ටොන් 117 ක බරින් යුත් විදුලි උත්පාදන යන්ත්‍රයක් ප්‍රවාහනය කිරීම සඳහායි.
චෙක් ජනරජයේ ප්‍රාග් අගනුවරින් පිටත් වූ යානය ඔස්ට්‍රේලියාවට ළඟා වීමට පෙර මැදපෙරදිග සහ ආසියාවේ ස්ථාන කීපයකට ගොඩ බස්සනු ලැබ තිබේ.