ඇමරිකානු නියෝජිතවරිය ශ්‍රී ලංකාවේ සංචාරයක

ඡායාරූප මූලාශ්‍රය, AFP
Published
මධ්‍යම හා දකුණු ආසියානු කටයුතු පිළිබඳ ඇමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරිය නිශා බිස්වාල් නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙයි.
තෙදින නිල සංචාරයක් සඳහා පැමිණෙන නිශා බිස්වාල්, ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ ඉහළ පෙළ නිලධාරීන් සමග සාකච්ඡා කිරීමට නියමිතයි.
ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වීය සබඳතා තර කර ගැනීම සහ කලාපයේ ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීම සංචාරයේ ප්‍රධාන අරමුණ වේ.
නව ආණ්ඩුව බලයට පත්වීමෙන් පසු ශ්‍රී ලංකාවේ සංචාරයක යෙදෙන දෙවන විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයා ඇයයි.
පසුගිය සතියේදී බ්‍රිතාන්‍ය විදේශ කටයුතු කාර්යාල අමාත්‍ය හියුගෝ ස්වයර් ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත විය.
























