මෝඩි සාර්ථක දේශපාලන චරිතයක් - දයාන්
Published

නරේන්ද්‍ර මෝඩි හින්දු ජාතිකවාදියකු සහ අන්තවාදීයකු ලෙස බටහිර ජනතාව සහ ජනමාධ්‍ය හඳුන්වා දීමට උත්සාහ කලත් ඉන්දීය ජනතාව ඔහු බලයට පත්කිරීම මගින් එම ආකල්පය පිළිනොගන්නා බව පැහැදිලි කොට ඇතැයි දේශපාලන විශ්ලේෂක ආචාර්ය දයාන් ජයතිලක පවසයි.
මෝඩි සාර්ථක දේශපාලන චරිතයක් ලෙසයි ඔහු හඳුන්වා දුන්නේ.
භාරතීය ජනතා පක්ෂය මීට කලින් එක් වතාවක් පමණක් ආණ්ඩු බලය හිමිකරගෙන ඇති බව පැවසූ ආචාර්ය දයාන් ජයතිලක දැන් එය ලබා ඇත්තේ අති විශිෂ්ට ජයග්‍රහණයක් බවයි කියා සිටියේ.