ජනාධිපති සහ දෙමළ නායක හමුවක්

සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ජනාධිපති රාජපක්ෂ හමු වූ අවස්ථාව
ඡායාරූප ශීර්ෂ වැකිය, සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා ජනාධිපති රාජපක්ෂ හමු වූ අවස්ථාව
Published

ජනාධිපතිවරයා අරලිය ගහ මන්දිරයේ දී උතුරේ මහ ඇමැතිවරයා මුණ ගැසී තිබේ.

සී වී විග්නේශ්වරන් මහ ඇමතිවරයා බ්‍රහස්පතින්දා ජනාධිපති මහින්ද රාජපක්ෂ මුණ ගැසුණු බව ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක මොහාන් සමරනායක බීබීසී සංදේශය ට කියා සිටියේය.

ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම් ඒ සුමන්දිරන් ද සාකච්ඡාවට සහභාගී වුවන් අතර වෙති.

ශ්‍රී ලංකාවේ ගැටළු වලට රට තුළින් ම විසඳුම් සොයා ගැනීම පිණිස එක් වන්නැයි ජනාධිපති මහින්ද රාජපක්ෂ ඉකුත් දා දෙමළ ජාතික සන්ධානයට පාර්ලිමේන්තුවේ දී ආරාධනා කොට තිබිණි.

ඊට ප්‍රතිචාර දක්වමින් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් බීබීසීයට කියා සිටියේ, ජනාධිපතිවරයාගේ ඉල්ලීම ඉතා ප්‍රවේසමෙන් සලකා බැලීමට සූදානම් බවයි.

ජනාධිපතිවරයා හා දෙමළ ජාතික සන්ධානය අතර මුහුණට මුහුණ ලා සාකච්ඡා අවසන් වතාවට පැවැත්වුණේ මෙයින් දෙවසරකට ඉහතදී.

අලුත්ම සාකච්ඡා පිලිබඳ තොරතුරු ලද සැනින් පළ කරන්නෙමු.